සුජිත් හේවාජුලිගේ
පළාත් සභා මැතිවරණය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන මස 4 වැනිදා දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයින් තීරණය කර ඇත.
විවාදය සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායක ආර් . සම්පන්දන් මහතාය. මෙම විවාදය සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස එදින උදේ 11.00 සිට සවස 6.30 දක්වා පැවැත්වීමට නියමිතය.
පළාත් සභා මැතිවරණය , ඡන්ද ක්‍රමය හා ඊට අදාළ කරුණු පිළිබඳව මෙම විවාදයේදී සාකච්ඡා කෙරුණු බව ඒකාබද්ධ විපක්ෂයේ නායක , කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් දැනට තිබෙන ලොකුම ලොකු ප්‍රශ්නය මේකනේ. ඒකට විසදුම් හොයන්නම ඕනේ. රටවැසියන්ට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඔක්කොම සුඛිත මුදිතව ඉන්නේ. නැවත වරක් මේ අයව පාර්ලිමේන්තු යවන්න පෙළ ගැසෙමු.