IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පළාත් සභා මැතිවරණය ගැන අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

(සුජිත් හෙවාජුලිගේ සහ ඩයනා උදයංගනී)

පළාත් සභා මැතිවරණය පවත්වන දින වකවානු ලබන සතියේ පාර්ලිමේන්තු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.

ඡන්දය කඩිනමින් පැවැත්වීම රජයේද එකම අපේක්ෂාව යැයි කී අගමැතිවරයා මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද ක්‍රමය වෙනස්  කර ගත හැකිවේ යැයි නොසිතන බවද ප්‍රකාශ කළේය.

අගමැතිවරයා මේසේ පැවසුවේ මන්ත්‍රීවරුන් ඔහුගෙන් පෞද්ගලිකව ප්‍රශ්න විමසූ අවස්ථාවේදීය. මේහිදි මන්ත්‍රීවරුන් මතු කළ ප්‍රශ්නවලට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් පිළිතුරු මෙසේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා,

කොළඹ ගංවතුරින් විපතට පත්වූ අයට වන්දි ගෙවීම් කළ ආකාරය පවුල් 27000ක් පමණ විපතට පත්වුණ නිවාස වන්දි නොලැබූ පිරිසක් ඉන්නවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

අභියාචනා රැසක් ලැබුණා. වන්දි ගෙවීම් කොටසක් කළා. ඉතිරි කොටස ගෙවීමට කටයුතු කරගෙන යනවා. අපි ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න සුදානම්.

මරික්කාර් මහතා,

නිව්යොක් ටයිම්ස් පුවතේ හෙළි වුනු  කරුණූ ගැන කොමිසමක් පත් කරනවාද?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

සී.අයි.ඩී.එක මේ පරීක්ෂනය කරනවා. ඒ මාධ්‍යවේදීන්ට තර්ජනය කළා කියලා ඒ පුවත්පතේ අය කියනවා. ඒ තර්ජනය ඉල්ලා අස්කර ගන්න. ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා නම් ඒක කරන්න. පරණ පුරුදු ආයෙත් ඇවිල්ලා

ඩලස් අලහප්පෙරුම මහතා,

පළාත් සභා තුනක මැතිවරණ කල් දමා මාස 09 ක් ඉක්මවා ගොස් තිබෙනවා. මැතිවරණ පවත්වන බව ආණ්ඩුව කීවත්  කළේ නැහැ. තවත් පළාත් සභා කීපයක් විසුරුවා හැරීමට නියමිතයි. මේවා පැවැත්වෙන දිනයක් ප්‍රකාශ කර නැහැ. ඡන්දය පවත්වන්න නියමිත කාල වකවානුව කියන්න.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

ඡන්දයත් පවත්වන්න ඕනේ, අපි මේ සඳහා මැතිවරණ කොමිසමේ සභාපති සමගත් සාකච්ඡා කළා. මේ සඳහා පක්ෂ වල විවිධ මත තියනවා. ඊලඟ පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කරන්න බැරි වේවි. නීති සංශෝධනයක් අවශ්‍ය නම් ඒක කරන්න පුළුවන්.

ඩලස් අලහප්පෙරුම මහතා,

සීමා නිර්ණ වාර්තා ඉදිරිපත් කළත් විවාදයට ගන්නේ නැහැ. න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගන්න. වාර්තාව සභාගත වේලා මාස තුනක් ගත වෙලා. පළාත් සභා කල් දැමීමට ආණ්ඩුවටම වුවමණාවක් තියෙන්නේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

එහෙම වුවමනාවක් අපට නැහැ.ඉන්න නායකයන් එකග වෙන්න ඕනේ. පක්ෂ නායකයන් කිව්වා අපිට ඉදිරියට යන්න පුළුවන්. එන සතියේ පක්ෂ නායකයින් හමු වෙනවා. ඊට පසු දින දැනුම් දෙන්නම්.

ඩලස් අලහප්පෙරුම මහතා,

ක්‍රමයට වඩා මැතිවරණය පැවැත්වීමයි වැදගත් වෙන්නේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

මේක මට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීම මගේ ප්‍රතිපත්තියයි.

කතානායක කරු ජයසුරීය,

මේ ගැන මත දෙකක් තිබුණා. අපි සිකුරාදා මේ ගැන කතා කරමු. සිකුරාද මතය දැන ගනිමු.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

අපේ පකෂයේ තීරණය අරගෙන ඉවරයි ඔබලගේ තීරණය කියන්න.

චාල්ස් නිර්මලනාදන්

උපාධිධාරීන් 55000කට තවමත් රැකියා ලැබිලා නැහැ. පත්වීම් දී නැහැ දේශපාලන පත්වීම්වලින් තොරව ඒ ක්‍රියාදාමය වෙන්න ඕනෑ. උතුරු නැගෙනහිර  සංවර්ධන අධිකාරිය පටන් ගන්නේ කවදාද?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

ලකුණු ක්‍රමය අප අනුමත කළා. අලුතින් කළොත් තව කල් යනවා. අවුරුදු 45 දක්වා වැඩි කිරීමට අප තීරණය කළා. නිර්නායක ගැන අපට ප්‍රශ්න තියනවා. දිස්ත්‍රික්වලට දෙන ප්‍රමුඛතාවයන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරන්නම් අලුත් රැකියා ඇති කළ යුතුයි.

උතුරේ නිවාස ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න කමිටුවක් පත් කළා.

නලින්ද ජයතිස්ස මහතා.

විශ්ව විද්‍යාල අර්ථ සාධක අරමුදල මහ බැංකුවේ බැදුම්කරවල තැන්පත් කර තිබේද? ඉන් පාඩුවක් වී ඇත්ද? පාඩුවක් වී ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

මෙම බැදුම්කර ආයෝජන වලින් විශ්ව විද්‍යාල අර්ථ සාධක අරමුදල් වලට කිසිදු පාඩුවක් වී නැහැ 2004 දී පොලී අනුපාතය ඉහළ ගියා.

ඇමති විජයදාස රාජපක්ෂ මහතා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලැබිය යුතු මුදල් ලැබී තියනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

මෙතන වෙලා තියෙන්නේ ලාභයක් පර්පෙචුවල් මුදල් රදවා ගෙන තියනවා.

නලින්ද ජයතිස්ස මහතා,

මහපොළ අරමුදල ගැනත් ප්‍රශ්නයක් තියනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

මේ සිද්ධිය උඩ අලාභ මොකුත් වෙලා නැහැ.



අදහස් (1)

පළාත් සභා මැතිවරණය ගැන අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

td Wednesday, 04 July 2018 11:05 PM

පසුගිය කාලයේ ලංකාවේ පැවැති කුණු ප්‍රශ්නයටවත් විසදුමක් සොයාගැනීමට නොහැකිවූ පළාත් සභා ක්‍රමය පවත්වා ගෙන යාමට පලක් තිබේද කියා මහජනයා සොයා බැලිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30791 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12830 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10926 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 823 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 246 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 897 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site