(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ ඊට ඇති බාධාවන් ගැන අධ්‍යයනය කර වාර්තාවක් ලබා ගැනීම සඳහා සන්ධානයේ පක්ෂ නායකයින්ගෙන් යුත් විශේෂ කමිටුවක් එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විසින් පත් කරනු ලැබ ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී අද (4) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභා රැස්වීමේදී මෙම කමිටුව පත්කර තිබේ.
පළාත් සභා මැතිවරණය හා අලුතෙන් සම්මත කර ඇති මැතිවරණ කමිටුව සම්බන්ධයෙන් පවතින ගැටලු සොයාබලා දින 14 ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පවරා ඇත.
රටතුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් සන්ධාන විධායක සභාවට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන්ද සන්ධානයේ විධායක සභිකයින් පක්ෂ හා විපක්ෂව අදහස් දැක්වූ බවද වාර්තා විය.
නිමල් සිරිපාලද සිල්වා , දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා , එස්.බී දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මැති ඇමැතිවරුන් අතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පක්ෂවල නියෝජිතයන් පිරිසක් මෙම විධායක සභා රැස්වීමට සහභාගි වූහ.
COMMENTS
ඔය කට්ටියම පළාත් සභාවලට විරුද්ධ වුණු මහත්වරු. නරකද ජනතාවට පළාත් සභා අවශ්‍යද කියා ජනමත විචාරණයක් පවත්වා බැලුවොත්? මේ මාසයේ තවත් පළාත් සභා තුනක කාලය අවසන්වන නිසා දැන් තමයි ජනතා කැමැත්ත සොයා බැලීමට සුදුසුම අවස්ථාව...
පිටරටින් ගන්න ණය බෙදාගන්නද?
පිටරටින් ගන්න ණය බෙදාගන්නද?
ප්‍රශ්න විචාරක-- මීලගට කඩඉම් ප්‍රශ්නය ශ්‍රී ලංකා ශබ්ද කෝෂයේ වැඩිපුරම අවභාවිතා කරන වචනය කූමක්ද පිළිතුරු දෙන්නා-- කමිටුව