IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පළාත් පහකට තද වැසි

(ඩයනා උදයංගනි)

දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයෙහි පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් පළාත් පහකට අනිද්දා (29)  දක්වා තද ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
 විශේෂයෙන්  නැගෙනහිර, ඌවල දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ත් 150ත් අතර ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.
 
මධ්‍යම කඳුකරයේ සහ නැගෙනහිර බෑවුම් ප‍්‍රදේශවලට (නුවරඑළිය, මාතලේ සහ බදුල්ල දිස්ත‍්‍රික්කවල සහ දකුණු පළාතේ ඇතැම් ස්ථානයන්හි පැයට කිලෝමීටර 50, 60 පමණ වේගවත් සුළං හමන බව ද නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා කීවේය.


 ්‍ඊට අමතරව දිවයිනේ සෙසු ප‍්‍රදේශයන්හිද පස්වරුවේ තද වැසි ඇතිවන අතර දිවයිනේ බොහෝ පළාත්වල අහස වළාකුලින් බරව පවතින බව ද ඔහු සදහන් කළේය.

 
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.



අදහස් (0)

පළාත් පහකට තද වැසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site