( චමිල් රූපසිංහ)
පේරාදෙණිය ප්‍රදේශයේ පළතුරු වෙළඳසල පළතුරු ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍යක් භාවිතා කළැයි අත්අඩංගුවට ගත් වෙළෙන්දකු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස හයක සිර දඬුවමක් නියම කළ මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් ශානක කලංසුරිය මහතා සැකකරුට රුපියල් 10,000 නියම කළේය.
දඩය නොගෙවන්නේ නම් එම මාස හයට අමතරව මාස 1 1/2 ක සිර දඬුවමක් නියම කරන බව ද දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ප්‍රවෘත්තියක්. නමුත් ලැබෙන ප්‍රසිද්ධිය ඉතා මදි. නරක ආරංචි තමයි ලොකුවට පෙන්නන්නේ...
විනිසුරු තුමාට අපගේ ප්‍රසංසාව. මෙවැනි වස විස කලවම් කරන්නන් නිසා මොනතරම් වටිනා මනුෂ්‍ය ගීවිත ලෙඩුන් බවට හැරෙනවාද ?
ඉතාමත්ම හොඳ සහ අගය කරන තීන්දුවක්. අප ගරු අධිකරණයට සහ විනුසුරුතුමාට හිස නමා අපගේ ආචාර්ය පුද කරන්නෙමු. මේ පාහර වෙළෙන්ඳන් තුට්ටු දෙකක ලාභයට "තමන්ගේම සහෝදර පුරවැසියන් හට වස කවන" තිරිසනුන්ය.
ඔය ඇල්ලුවේ එක්කෙනයි. තව කීදාහක් ඔය වැඩේ කරනවද? ඒ හැමෝටම මේ වගේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර හොඳද?
දැන් කොස් වලටත් මොනවා හරි දමනවා. කපලා විකුණන හැම කොස් මදුලක්ම කහ පාටයි. නමුත් පැහිලා නැහැ. සොයා බලන්න වටිනවා.
එහෙනම් ඉතින් ලංකාවේ පලතුරු වෙළෙන්දෝ ඔක්කොම හිරේ දාන්න වෙයි.
විනිසුරුතුමාට සහ ගරු අධිකරණයට ප්‍රථමයෙන් ස්තුතිය පුද කරන අතර, ලංකාවේ මෙවැනි කූට වෙළදුන් තව දහස් ගණනක් සිටිනවා. ඉදිරියට කරුණාකර ඔවුන්ටත් නිසි දඬුවම් දෙන්න.
එහෙනම් පිටකොටුව මැනිං මාකට් එකේ පළතුරු විකුණන අයත් හිරේ දාන්න ඕනෑ.. සේරටම කෙමිකල් ගහනවා.
මේ කියන්නේ සහතික ඇත්තක්. මම ඇස් දෙකෙන්ම දැක්ක මාතර පොලේ කෙසෙල්වලට වෙළෙන්දෙක් එතිරෝන් කියන ඔය බෙහෙත වෙන්න ඕනෑ ගහගෙන ගියා. එ්ක කරන්න ගන්නේ සාමාන්‍ය ස්ප්‍රේ එකක උඩ කොටස ගලවා හිස් මෙගා බීම බෝතලයකට සවිකර ඔවුන් විසින්ම සාදාගත් උපකරණයක් මගින්... අනේ මෙහෙ මාතර නම් කවුරුත් ඕවට කතා කරන්නේ නැහැ.
සුපර් මාකට් වල තියෙන අඹ, කෙසෙල් වැනි පලතුරු වලට මෙම රසායන ඉහින එක ප්‍රසිද්ධ රහසක්. ඇයි ඒවා අල්ලන්නෙ නැත්තේ?
විනිසුරු තුමන්ට මගේ ප්‍රණාමය , ලංකාවේ කියල කෙසෙල් ගෙඩියක් කන්න බැරිතරමට පත්වෙලා. ආහාරවලට විස එකතුකර විකුනන වෙළෙන්දන්ගේ අවසාන මනුෂ ආත්මය මෙය වේ, ලබන අත්ම්යේ අනිවරෙන් තිරිසෙනෙක්ම තමා.