අංජුල මහික වීරරත්න
වංචා දුෂණ නඩු කඩිනමින් අසන්නට ගෙනා විශේෂ අධිකරණයට රාජපක්ෂ කල්ලිය විරුද්ධ විමෙන්ම ‘පුහුල් හොරා කරෙන් දැනෙන බව’ ජනතාව තේරුම්ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී අද (28) පැවසීය.
තමන් පිරිසිදු නම් නීතියට කට්ටි පනිමින් දඟලන්නේ කුමටද යන සරල ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙන ලෙස රාජපක්ෂ කල්ලියෙන් ඉල්ලා සිටින බවද මුජුබුර් රහුමාන් මහතා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ජනතාවට කුමන බොරුව කළත් හෘද සාක්ෂියට බොරු කරන්නට කිසිවකුටත් හැකියාවක් නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ රෙජීමයේ මේ කට්ට කයිරාටික වැඩවලට යෙදිය හැකි ගැමි වහර අනන්තයි, අප්‍රමාණයි ! හොරා-පොලිස්, කට්ටි පැනීම් වැනි වචන මේ සුදනන්ගේ මෙවැනි වැඩ කටයුතුවලට ප්‍රමාණවත් නොවේ යයි සිතමි. තමන් "අහිංසක" නම් අධිකරණයක් ඉදිරියට යාම වැලක්වීමට බලය ඉල්ලමින් නිදහසේ ඉන්න හදන්නේ මොකද ?
මහා බැංකු හොරු කොහොමද දැනෙන්නේ රහුමාන් මහත්තයෝ ?
පළමුව ඔබ තුමාගෙන් මේ විමසන්නේ , " තමන්ගේ හිතට එකගව අවංක පුද්ගලයෙක්ද කියන්නකෝ " ? එහෙත් පුහුල් හොරු මෙහෙත් පුහුල් හොරු.
පුහුල් හොරා කරෙන් දැනේ කිව්වේ බොහොම ඉස්සර. දැන් එක වෙනස් වෙන්න ඕනේ මේ විදියට " මහබැංකු හොරා කොමිසමෙන් දැනේ " කියලා. දැන් රටම දන්නවා කම්බ හොරු කවුද කියලා. එකනේ පොඩි ඡන්දෙදි හොද උත්තරයක් ජනතාව දුන්නේ.