(උපාලි ආනන්ද)
රජයට අයත් සීමාසහිත ජනතා පොහොර ව්‍යවසාය සමාගමේ අනුරාධපුර ප‍්‍රාදේශීය ගබඩාවේ ගබඩා කර තිබු පොහොර වංචා කර රජයට රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචා කිරිම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණ හමුවේ අධිචෝදනා ලබා සිටි එම පොහොර සමාගමේ අනුරාධපුර ගබඩාවේ පාලකවරයා සහ සහකාර පාලකරවයා එම අධි චෝදනාවන්ට වරදකරුවන් බවට කෑගල්ල පළාත් බද මහාධිකරණ විනිසුරු සහ උතුරු මැද පළාත්බද හිටපු මහාධිකරණ විනිසුරු ධමිමික ගනේපොල මහතා තීරණය කළේය.
විත්තිකරුවන් දෙදෙනාට එක් අධිචෝදනාවකට වසර පහ බැගින් අධිචෝදනා හතරට වසර විස්සක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කල මහාධිකරණ විනිසුරු ගනේපොල මහතා එම සිර දඩුවම් වසර පහකින් එකවර ගෙවී යන ලෙසටද තවදුරටත් නියෝග කළේය.
සෑම අධිචෝදනාවකටම මුදලින් රුපියල් 5000 ක් බැගින් වෙන් වෙන්ව දඩ ගෙවන ලෙසටද එම දඩ මුදල් නොගෙවන්නේ නම් සෑම චෝදනාවකටම මාස තුන බැගින් අමතර සිර දඩුවමිද විත්තිකරුවන්ට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද ඕක පොඩ්ඩක් ලිහිල් කරන්න
හොරුන්ට එහෙම තමයි සලකන්නේ. හැබැයි කිවිසුමක් ගියොත් මාස තුනක් හිරේ.
මහා දවල් මහා බැංකුව මංකොල්ල කාපු කට්ටිය තවම නිදැල්ලේ.
ලක්ෂ 50 කට අවුරුදු 5 ක් නම් විමල් අවුරුදු 150ක් වත් හිරේ දන්නා එපැයි
කෝ එතකොට ලොකු ලොකු කට්ටියට දඬුවම්? අර සතොස, දිවිනැගුම, සිල් රෙදි අරවා මේවා ????
එකෙනුත් ඒ මිනිස්සුන්ට එච්චරම පාඩුවක් නැහැ. කොහෙන් බැලුවත් හොරු දිනුම්! දැන් නම් බැලු බැලු අතේ හැම තැනම වගේ ඉන්නේ හොරු. නියම ධර්මද්වීපයක්!