(උපාලි රණවීර)

කිරිඳිවැල, රදාවාන පාලුපැල්පිටදී එකම පවුලේ මවට පියාට හා දියණියට බැන තර්ජනය කොට පහරදීමේ සිද්ධියකට වැරදිකරුවූ ජනාධිපති ආරක්ෂක අංශයේ කෝප්‍රල්වරයකුට පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනවිය රුපියල් 1000ක දඩයක් හා වසර පහකට අත්හිටවූ මාස 6ක සිරදඬුවමක් නියම කළාය.

පැමිණිලි පාර්ශවයට වන්දි වශයෙන් රුපියල් 20000ක් ගෙවන ලෙසද වැරදිකරුට නියම කෙරිණි.

ජනපති ආරක්ෂක අංශයේ තිදෙනකු ඇතුළු 12 දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනු කොට තිබූ අතර නඩු විභාගය අතරතුරදී ඔවුන්ගෙන් 4 දෙනකු වරද පිළිගෙන පැමිණිලි පාර්ශවයට වන්ද මුදල් ද ගෙවා තිබිණි.