IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පොහොට්ටුවේ නායකත්වය මහින්දට බාර දෙන්න යයි

 (නාලක සංජීව දහනායක)


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂ නායකත්වය බාරගන්නැයි ලබන මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී ඉල්ලීමක් කරන බව එහි සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (1) පැවසීය.


හිටපු ජනාධිපතිවරයාට පක්‍ෂ නායකත්වය බාරගැනීමට දැන් කාලය උදාවී තිබෙන බව සඳහන් කළ මහාචාර්යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටිමින් වෙනත් පක්‍ෂය සාමාජිකත්වය බාරගැනීමෙන් හිටපු ජනාධිපතිවරයාගේ මන්ත‍්‍රීධූරය අහිමිවීමේ අවදානමක් නැතැයිද කීය.


යම් හෙයකින් එවැනි අවධානමක් මතුවුවහොත් ඒ සඳහා නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවද පැවසීය.


මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාව සකස්කිරීම අවසන් අදියරේ පවතින බවත් ඊට අමතරව තරුණ පෙරමුණු ව්‍යවස්ථාව, කාන්තා පෙරමුණු ව්‍යවස්ථාව ද සකස් කරමින් සිටින බවද සඳහන් කළේය. 


පක්‍ෂය පිහිටුවා මාස 16ක් ඇතුළතදී පළාත් පාලන මැතිවරණය ජයගත්බවත් එහි ගෞරවය සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්‍ෂ මහතාට හිමිවිය යුතු බවද පැවැසීය.


බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (1) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. 

(ඡායාරූපය- ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (32)

පොහොට්ටුවේ නායකත්වය මහින්දට බාර දෙන්න යයි

රවින් Monday, 01 October 2018 10:54 AM

අන්න හොඳයි. කකුල් දෙක දෙපැත්තක තියාගෙන ඉන්නවාට වඩා එක පැත්තක තියාගෙන යන ගමන යන්න. කාටකාටත් ජය එතකොට...

:       96       270

ravi Monday, 01 October 2018 11:38 AM

මේක.. දැන් "කාසියේ වාසිය" හොයනවා වගේ වෙලා..

:       47       57

AnandaR Monday, 01 October 2018 11:53 AM

අනේ හොඳයි... රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ පිරිසිදුව තියෙන්න එපෑයැ..

:       5       220

janatha anura Tuesday, 02 October 2018 03:12 AM

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ පිරිසිදුව....? අනේ මහත්තයෝ අපිට නම් එහෙම පිරිසිදුවක් පෙන්න නැහැ අන්ත දුෂිත දුගී ජනයාගේ මුදල් කොල්ල කන පිරිස් තමා ඉන්නේ අපේ බඩ වියත රැකෙන මහා බැංකුවත් ඔරොත්තු නොදෙන ලෙස කොල්ල කාලා.

:       25       5

shan saudi Monday, 01 October 2018 12:35 PM

ඕක කලින්ම කීවනම් ඉවරනේ. කාටද කොළ කඩා පාන්නේ අපි නොදන්න මේගොල්ලෝ

:       60       130

සතයපාල Monday, 01 October 2018 12:35 PM

කොහොමද ඒක, මුට්ටිය දාලා බැලුවා වැඩේ සාර්ථක නිසා දැන් ඔලුවම දාන්න යනවා.

:       78       134

OMG Monday, 01 October 2018 12:38 PM

කොහොමත් නායකත්වය දැරුවේ ඔහුනේ. අපිට නම් ඉතින් කිසි වෙනසක් නැහැ.

:       4       45

Uditha - London Monday, 01 October 2018 01:50 PM

මහින්ද මහත්තයා ආපහු බලය අල්ල ගන්න පුදුම සටනක් දෙන්නේ. ආපහු රාජපක්ෂ ආණ්ඩුවක් හදන්න විශාල වෑයමක් දරනවා...

:       15       128

iron Monday, 01 October 2018 03:01 PM

මේකටද මේ මහා ජනතාවට බොරු කරන්නේ...? නියම නායකයා මහින්ද බව ලෝකෙම දන්නවා. අනිත් වැඩත් ඔය වගේ තමයි මෙයාලට ඔන්න පුතේ ඡන්දෙ දෙන්නේ බලාගෙනයි... පටන් ගත්තෙම කොකා පෙන්නලා පස්සේ මොක්කු පෙන්නයිද බලමු...

:       64       78

jetaad Monday, 01 October 2018 03:03 PM

රටම දන්නා මොනරතැන්න... ඔන්න බබෝ බිල්ලෝ....

:       96       225

lakshmanTuesday, 02 October 2018 03:18 AM

රටම දන්නා රාජගිරියේ මොනර තැන්නද?????

:       1       0

Bamunuarachchi Monday, 01 October 2018 03:09 PM

පළමුව පොහොට්ටුව බාර ගන්න. තව ටික දවසකින් යහපාලකයෝම කරගන්න බැරිව රට භාර දේවි එකත් බාර ගන්න. අපි හොඳටම දන්නවා මේගොල්ලෝ වගේ අරක නෑ මේක නෑ කියා කියා ඔබතුමා කියන්නේ නැතිව රට ගෙනියන බව.

:       1134       509

pjTuesday, 02 October 2018 03:48 AM

වැටෙන දේ අහුලාගෙන කාපු කට්ටියම තමයි රටට පණ දෙන්න වගේ එදා ඉඳලම රජතුමාට පක්ෂව අදහස් දැම්මේ. දන්නෙම නැතුව බළලා එලියට පැනල.

:       2       69

BamunuarachchiTuesday, 02 October 2018 01:45 PM

නැහැ අපි මේ තියන්නේ භය නැතිව රටේ ජීවත් වෙන්න සලසා දීපු එකේ නම්බුව. අපි දන්නවා අවුරුදු 24 වැටෙන දේ අහුලාගෙන කාලා දැන් උලා කන්නේ කවුද කියලා. තව ටික දවසකින් මෙතුමා රට බාර ගත්තේ නැතිනම් 62 නිසා අපිටත් වෙන්නේ ලෙවකන්න.

:       8       33

BamunuarachchiTuesday, 02 October 2018 02:54 PM

"දන්නෙම නැතුව බළලා එලියට පැනල." විකාර බළලා එලියට පැනල නොවයි බළලා එලියට දැම්මා. රට ජාතිය බේරා දුන්න කෙනෙකුට කෘතගුණ නොසලකන කෙනා කවුද?

:       1       0

athuraTuesday, 02 October 2018 04:46 AM

අරක නැහැ මේක නැහැ කියන්නේ නැහැ. සියයට දෙසියේ ගිනි පොලියට හරි ණය අරගෙන මිනිස්සු සතුටින් තියන්න හොද සැණකෙළි ටිකක් තියයි.

:       23       186

BamunuarachchiTuesday, 02 October 2018 01:48 PM

දැන් මොකද වෙන්නේ 1977 මොකද උනේ?

:       1       0

BamunuarachchiTuesday, 02 October 2018 02:32 PM

ඕවා මතුර මතුර අධිවේගී මාර්ගයේත් යනවා නේද? වීසා නැතිව යාපනෙත් යනවාත් ඇති නේද? කමක් නැහැ ඔබ සිංහලයෙක්නේ. ඕවා සිංහලයින්ට ආවේනික ගති.

:       4       15

Chanak Los angelesTuesday, 02 October 2018 10:23 PM

අහෝ රජතුමාට ගියපු කලක්.

:       6       4

OMG Monday, 01 October 2018 03:31 PM

අපි නොදන්නවයි කව්ද නායකයා කියලා

:       19       41

prabha Monday, 01 October 2018 07:07 PM

කතා විතරයි වැඩ නැත

:       0       2

K.A.Darshana Hasaranga Monday, 01 October 2018 07:43 PM

වෙන කෙනෙක් නායකත්වය දැරුවට කොහොමත් නියම නායකයා හිටපු ජනාධිපති තුමානේ.

:       4       42

Ravi Monday, 01 October 2018 09:03 PM

අපිට නම් ඔබතුමා කෙසේ වෙතත් පුතාව නම් අරහන්. එම නිසා පුතාලාව ඉස්සර කර ගන්නේ නැතිව පොහොට්ටුව බැරි නම් මල් පොකුරක් වුනත් භාර ගන්න. වයස යන්න යන්න සමහර දේශපාලක දරුවන්ගේ පරිනතබව අඩු වෙලා වාචාල කතා කියවනවා මිසක් කිසිම දේශපාලන සුදුසු කමක් නැහැ .

:       0       6

Bamunuarachchi Tuesday, 02 October 2018 01:17 AM

Uditha - London එක නියම සිංහලකම. දිනන තුරු සටන ගෙනියනවා. මුළු ඉතිහාසය පුරාම සිංහලය කලේ ඕකයි. නැතිනම් මේවනවිට ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්. හැබැයි දිනන්න බැරි උනාමයි ඇඟ බේරාගෙන බලයේ ඉන්න ඕනේ උනාම බන්දේසියක තියලා රට සතුරාට බාර දෙනමිනිස්සුත් මේ සිංහල රටේ සිංහල නමින් ඉන්න බවත් මතක තියා ගන්න.

:       70       3

Chanak los angelesTuesday, 02 October 2018 10:16 PM

ඔය කියන්නේ රට චීනෙට විකුනපු සහෝදර සාමාගම ගැන වෙන්න ඇති ?

:       0       3

ලක්ශාන් Tuesday, 02 October 2018 02:07 AM

අදාල නෑනේ......

:       0       2

priyan Tuesday, 02 October 2018 03:07 AM

කව්රු නායකත්වයට ආවත් මොන ඡන්දය තිබ්බත් මේ ආණ්ඩුවට නම් අබ සරණයි..

:       5       2

රොෂාන් Tuesday, 02 October 2018 03:52 AM

කොහොමත් එයා තමයි ඕකේ නායකයා. ආයේ අලුතෙන් දෙන්න කියලා දෙයක් නෑ.

:       14       2

amila Tuesday, 02 October 2018 04:50 AM

පක්ෂේ විතරක් නෙමේ රටේම නායකත්වය බාර අරගෙන මගේ රට මේ වලෙන් ගොඩ අරන් දෙන්න මැතිදුනි.

:       8       4

Chaminda Tuesday, 02 October 2018 06:58 AM

දැන් උගත් තරුණයන්ට රට බාරදෙන්න කාලේ හරි ඊලග ඡන්දෙවන් මිනිස්සුන්ට මොලේ පැදුනොත් ඇති

:       0       115

rohana Tuesday, 02 October 2018 08:14 AM

ඔලුව කොහෙහරි වැදුණද?

:       0       2

Bamunuarachchi Tuesday, 02 October 2018 02:57 PM

දැන් උගත් තරුණයන්ට? නම් කරන්නකෝ ඔය රට බාර දෙන්න පුළුවන් තරුණයින් කවූද කියලා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 252 0

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
2025 මැයි මස 09 407 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර


මන්ත්‍රී විශ්‍රාම වැටුපට තට්ටු වන පනත ළඟ ළඟ එයි
2025 මැයි මස 09 389 0

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි


මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 2591 2

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩසටහනක්
2025 මැයි මස 09 336 0

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම


ජනපති පාප්තුමන්ට සුබ පතයි
2025 මැයි මස 09 268 0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1258 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 321 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site