IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පස්සර කණවැරැල්ල මාර්ගයෙත් නාය යෑම අවදානමක්

 (විජේරත්න රත්නායක )
 
පස්සර - කණවැරැල්ල නැගෙනහිර ග්‍රාම නිළධාරී වසමේ ඇටකෙහෙලන්ද ප්‍රදේශයේ අද (15) උදේ සිදුවූ  නායයාමක්  හේතුවෙන් ප්‍රදේශයේ මාර්ගයක් සම්පූර්ණයෙන් අවහිර වී ඇටකෙහෙලන්ද වෙල්යායේ කොටසක්ද හානියට පත්  වී  තිබේ.


නායයෑමෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවූ අතර ඒ ආසන්නව පදිංචි එක් පවුලක් ඉවත් කෙරුණු බවද යළි වර්ෂාව පැමිණිය හොත් වහාම නිවෙස්වලින් ඉවත්ව ආරක්ෂාකාරී ස්ථානවලට යන ලෙස ඒ අවට පදිංචි පවුල් 34 ක් දැනුවත් කළ බවද පස්සර ප්‍රාදේශීය ලේකම් නිමේෂා ප්‍රියංගි වනසිංහ මහත්මිය පැවසුවාය.


  ඇටකෙහෙලන්ද වෙල්යායේ සිට මැණික් ගඟ ආසන්නයට මීටර් 500 ක පමණ දුරක් පැතිරුණු මෙම නායයාම අද (15)  දහවල් වන තුරුත් සක්‍රියව පැවැතුණු අතර ඉන් හිඟුර, ක්ලබ් හන්දිය දක්වා අන්තර් ගම්මාන මාර්ගයේ මීටර් 100 ක පමණ කොටසක් සම්පූර්ණයෙන් වැසීයාමෙන් ගලකුඹුර, කහපිල, වැවේකැලේ කණවැරැල්ල වත්ත පහළ කොටස හා උඩුකුඹුර යන ප්‍රදේශවල විශාල ජනතාවක් මාර්ග පහසුකම් නොමැතිවීමෙන් අසීරුතාවයට පත්ව ඇත.



අදහස් (0)

පස්සර කණවැරැල්ල මාර්ගයෙත් නාය යෑම අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 300 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site