IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘පාසල් 433 කට පසුගිය වසරේදී පළමු වසරට සිසුන් ඇතුළු කිරීමට අයදුම්පත් ලැබී නෑ‘

(මුදිතා දයානන්ද)

ලංකාවේ පාසල් 9116 කින් පාසල් 433කට ඉකුත් වසරේදී පළමු වසර පංතියට සිසුන් ඇතුළත් කිරීම සඳහා කිසිදු අයදුම්පතක් ලැබී නැතැයි අධ්‍යාපන අමත්‍යාංශය නිකුත් කළ 2017 වසරේ පාසල් සංගණන මූලික  වාර්තාවේ සඳහන් වේ.

බස්නාහිර පළාතේ පාසල් 19 ක්ද ඊට ඇතුළත් වේ. 2017දී අයදුම්පත් කිසිවක් නොලැබුණ පාසැල් වැඩිම ප‍්‍රමාණයක් තිබෙන්නේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ වන අතර එය සංඛ්‍යාත්මකව 49කි.

2016දී පාසල් 331කට පළමු වසර අයදුම්පත් ලැබී නැති අතර එයින් පාසල් 16ක් බස්නාහිර පළාතේ පාසල්වේ.

මෙම තොරතුරු අනුව 2017 වසරේදී පාසල් 433ක ද 2016 වසරේ පාසල් 331කද පළමු වසර පංතියක් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව මේ වසරේදී පාසල් 433ක දෙවන වසර පංතියක්ද පාසල් 331ක තෙවන වසර පංතියක්ද පවත්වාගෙන යාමට නොහැකි වී ඇත.

ඇතැම්විට 2017 වසරේදී අයදුම්පත් කිසිවක් නොලැබුණ පාසල් 433 තුළ 2016දී අයදුම්පත් කිසිවක් නොලැබුණ පාසල්ද තිබිය හැකි බැවින් මේ වසරේ දෙක වසර හා තුන වසර පංති දෙකම අහිමිවූ පාසල් රැසක්ද මේ අතර තිබිය හැකිය.

මෙම වාර්තාවලට අනුව 2017 වසරේදි පළමු වසරට අයදුම්පත් පහට අඩුවෙන් ලැබුණ පාසල් ප‍්‍රමාණය 1345ක් වන අතර එය 2016දි 1270කි.

ඒ අනුව පළමු වසරට අයදුම්පත් නොලැබෙන පාසල් ප‍්‍රමාණය 2016ට සාපේක්ෂව 2017 වසරේදී තව තවත් වැඩිවි තිබේ. මෙය වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් නොවුණහොත් ඉදිරියේදි මේ පාසල් වැසී යාමේ තර්ජනයක්ද පවතී.



අදහස් (4)

‘පාසල් 433 කට පසුගිය වසරේදී පළමු වසරට සිසුන් ඇතුළු කිරීමට අයදුම්පත් ලැබී නෑ‘

දිමුත් Thursday, 30 August 2018 04:10 AM

ළගම පාසල හොඳම පාසල වෙලා නිසා වෙන්නැති!

:       0       0

සමන් කීරගල Thursday, 30 August 2018 05:08 AM

දැනට වසර කීපයකට පෙර දේශපාලකයෙකුගේ නම පාසැලට දැමීම අරමුණුකොටගෙන ප්‍රාථමික අංශය ඉවත් කල සිසුන් 1500 පමණ ඉගෙන ගක් රත්නපුර කුරුවිට පාතගම මහා විදුහලේ වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 200 පමණ දක්වා පහල වැටී ඇත. මෙම දේශපාලන අරමුණ සහිත අධ්‍යාපන පරිපාලන තීන්දුවේ ශෝකජනක ප්‍ර්‍ර්‍ර්‍රතිඵලය අප දැන් විදිමින් සිටින්නෙමු

:       0       0

BamunuarachchiFriday, 31 August 2018 12:18 AM

ඒ වුණාට ඩී එස් සේනානායක විදුහලට, කන්නන්ගර විදුහලට, බණ්ඩාරනායක විදුහලට ඇතුළත් කිරීමට පොරකනවා. කොතැනද වැරැද්ද?

:       0       0

Bamunuarachchi Friday, 31 August 2018 12:21 AM

වටින්නේ ගිය ඉස්ස්කොලේ නොවෙයි, ඔබ ඉගෙන ගත්තේ මොනවාද කියන එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13283 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site