(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර සිට දුම්රියෙන් කොළඹ පැමිණෙමින් සිටියදී සිය මුදල් පසුම්බිය සොරා ගෙන දුම්රියෙන් බිමට පැන්න සොරකු හඹායාමට දුම්රියෙන් බිමට පැන්න චීන ජාතිකයකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
චීන ජාතිකයා ද තමා පසුපසින් බිමට පැනීම නිසා සොරා පසුම්බිය බිම දමා පළාගොස් ඇති අතර පසුම්බිය පසුව අහුළාගත් තරුණියක එය පොලිසිය බාර දී ඇත.
චීන ජාතිකයාගේ මුදල් පසුම්බියේ විවිධ රටවල මුදල් නෝට්ටු රැසක් තිබූ බව පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 21
10
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පසුම්බියට විද්ද සොරා අල්ලන්න චීන ජාතිකයා දුම්රියෙන් පනියි
arschloch Wednesday, 21 June 2017 02:50 PM
පසුම්බිය කවදාවත් චීනාට ලැබෙන්නේ නැහැ. පිටරටවල සල්ලි බෙදාගන්නයැ...
lalith Wednesday, 21 June 2017 03:18 PM
දැන් ඔය පසුම්බිය නඩු භාණ්ඩයක් වෙලා... හොරා ඉන්නවා නම් ඇප අරන් නිදහස්වෙලා යයි.
sanjeewa Wednesday, 21 June 2017 03:31 PM
මෙහෙම හොරු බෝවෙන්නේ රජය විසින් මිනිසුන්ට දෙන ආර්ථික ගැටළු නිසා. මෙහෙම ගියොත් සංචාරක කර්මාන්තයටත් අබ සරණයි. හොඳ පළපුරුදු හොරෙක් නම් පසුම්බිය බිම දමා යන්නේ නෑ. කන්න නැති මනුස්සයෙක් හොරකමට පුරුදුවෙලා. හැබැයි ජනපතිතුමා නම් කිව්වේ දිළිඳුකම තුරන් කරන වසර 2017 කියලයි.
aravindaWednesday, 21 June 2017 10:02 PM
දිළිඳුකම තුරන් කිරීම කෙසේ වෙතත්, කසල ටිකවත් තුරන් කර ගන්න බැරි ආණ්ඩුවක් මේක.
සිරි Wednesday, 21 June 2017 05:36 PM
දැන් කළුතර පැත්තෙ රත්තරන් මාල කඩාගෙන පනින අය නැද්ද ?
Nandalal DE SILVA - France Wednesday, 21 June 2017 07:16 PM
මේකා නම් අප කියන පරිදි "කොන්ඩේ බැඳපු " චීනෙක් වෙන්න බැහැ ! නැත්නම් දෙයියනේ පණ එපා කියල ධාවනය වෙන දුම්රියකින් පනීවිද ? විවිධ රටවල මුදල් නෝට්ටු රැසක් මෙයාගේ පසුම්බියට ආවේ කොහොමද කියල බැලුවොත් නරකද ?
PITIGALA MILANO Thursday, 22 June 2017 12:32 AM
රත්තරන් මාලේ කඩාගෙන නෙවෙයිනේ පැන්නේ? ඉස්සර එහෙම කරපු අයත් ඔය යහතින් ඉන්නේ.
lakshi Thursday, 22 June 2017 05:38 AM
හිතන්න ඇති මෙහෙත් චීනේ වගේ කියල. අල්ලයි නැට්ට.
Chanak Los angeles Thursday, 22 June 2017 05:45 AM
හොරකමට හුරුවෙන්නේ පවතින ක්‍රමය නිසාවෙනි යැයි කීම මුසාවකි. හොරකම් නොකර තම ස්ව උත්සාහයෙන් ජීවිතය සරිකරගත් පුද්ගලයන් කී දාහක් ලෝකයේ සිටීද?
sunil Thursday, 22 June 2017 06:55 AM
ඒ මනුස්සයා ආයෙත් කවදාකවත් ලංකාවට එන්න හීනයක් වත් මවාවිද?
nishantha Thursday, 22 June 2017 06:57 AM
මෙහි වාර්තාව ලියපු කෙනාගේ සිට අදහස් දැක්වූ අය දක්වා ප්‍රශ්නය ලංකාවට ආපු විදේශිකයාගේ ඇති මුදල් නෝට්ටු ගැන මිස ඔහුව අසරණ කල හොරා ගැන නොව බව මනාව පෙනේ. දුපත් මානසිකත්වයෙන් මිදී මෙවැන්නක් තමන්ටත් වෙනත් රටකදී උනා නම් කියල පොඩ්ඩක් හිතන්න පුරුදු වෙන්න. ඒ අනුව දකින්න ...තමන් දුප්පත් උනේ තමන්ගේ වරදින් මිසක් එකට අනුන්ට බැනල සිත සනසගන්න තරන් නිවට නොවී ඔබත් මහන්සි වෙන්න .. දියුණු වෙන්න මුදලින් මෙන්ම මනසින්ද ..