(අමදෝරු අමරජීව)
 

භූගත වස්තූන් නිරික්ෂණය කළ හැකි  අති නවීන ස්කෑන් යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත්  සැකකාරියක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු  අප්‍රේල් 03 වැනිදා දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කරන  ලෙස මුතූර් වැඩ බලන මහේස්ත්‍රාත්  මොහොමඩ්  මුබාරිස් මහතා නියෝග කළේය.

 මෙසේ බන්ධනාගාර ගත වුයේ ඉපලෝගම පදිංචි සැකකාරියක් හා තෝපුර් ,යන්තම්පලාව,  කන්තලේ හා නිකවැරටිය පදිංචි සැකකරුවන් සිව් දෙනෙකි.

 සේරුනුවර පොලිස් වසමට අයත්  පුනගර් ප්‍රදේශයේදි ත්‍රි රෝද රථයකින් ගමන් කරද්දි මෙම සැකකරුවන් ත්‍රි රෝද රථය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම යන්ත්‍රය රැගෙන ගියේ කුමක් සඳහාද යන්න තවමත් අනාවරණය වී නොමැත.