IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පවුල් ආර්ථිකයට විසඳුම් දෙන නව ඒකකයක්

රොමේෂ් ධනුෂ්ක ද සිල්වා
 
පවුලේ ආර්ථිකය පිළිබඳව සොයා බලා විසඳුම් ලබාදීම සඳහා නව ඒකකයක් පිහිට වූ බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී පැවසීය.

අළුතින් පිහිටුවන ලද පවුල් ආර්ථික ඒකකය මගින් පවුලේ ආර්ථිකයේ ඇති වියදම, ආදායම, එය රටේ ආර්ථිකයට කෙරෙන බලපෑම මෙන්ම රටේ ආර්ථිකය පවුලේ ආර්ථිකයට බලපාන ආකාරය පිළිබඳ සොයා  බලනවා. 

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ අලුත්  ඒකකයක් ආරම්භ කරනු ලැබුවා. ඒ තමපවුල් ආර්ථික ඒකකය, ජාතික ආර්ථිකය පිළිබඳ තොරතුරු අප සතුව තිබෙනවා. එසේම ඒවා ක්‍රියාත්මක කරනවා. නමුත් ගෙදර ආර්ථිකය පිළිබඳ තොරතුර අප ලබාගත යුතු වෙනවා යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 



අදහස් (7)

පවුල් ආර්ථිකයට විසඳුම් දෙන නව ඒකකයක්

රජින්ද Thursday, 08 February 2018 12:22 PM

පවුලේ ඒකකය නෙවෙයි රටේ ආර්ථිකයටයි විසදුම් සෙවිය යුත්තේ. මොකද, පවුලක් ජීවත් වෙන්නෙත් රටක් තුල නිසා රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් නැතිව කොහොමද පවුල ගොඩ දාන්නේ.

:       9       127

කසුන් Thursday, 08 February 2018 03:01 PM

ඒකට විතරයි තවම අත නොතිබ්බේ. ඒකටත් ප්‍රශ්න ඇති කරවන්න වගේ යන්නේ ?!

:       1       108

Bamunuarachchi Thursday, 08 February 2018 06:05 PM

2015 සිට කියපු දේවල් වලින් රටට වැඩදායක එකක් කලාද?

:       22       368

Raveendra Friday, 09 February 2018 03:38 AM

බමුණුආරච්චි මයා වෙත, ඔබගේ අදහස් සම්පුර්ණයෙන්ම වැරදි ද්වේශ සහගත ලෙස පැවසීම පිළිබඳව අප කණගාටු වන්නෙමු. මේ අය දීපු බ්‍රේස්ලට් එක මගේ අතේ තාමත් තියෙනවා. එය පැළඳගෙන මගේ දරුවාව (දරුවට ලැබුණු ටැබ් එකත් අරගෙන) අපේ රටේ හදපු ෆොක්ස්වැගන් කාර් එකේ කිසිඳු මාර්ග තදබදයකින් තොරව ගුවන් පාලම උඩින් යන්නේ. එනිසා ඔබගේ බොරු අදහස් පිළිබඳව අප නැවතත් කණගාටු වන්නෙමු. මේ අහිංසක අවංක උන්දැට මඩ ගැසීමෙන් වලකින ලෙස ඉල්ලන්නෙමු.

:       0       1

BamunuarachchiSaturday, 10 February 2018 05:17 AM

ඔබ කියන තුරු ඔය වගක් මම දැනගෙන සිටියේ නැහැනේ. සමාවෙන්න මම මඩ ගැසුවේ ළඟ ගොම නැති නිසාය.

:       0       0

sensa Friday, 09 February 2018 03:46 AM

පවුල් ඒකකවලට මොන කමිටුද? ඇයි මේ යක්කු එන්නේ පවුල් වලින් නෙමේද? පවුල් වල ආර්ථිකය දැනගන්න පොළවේ පය ගහලා ඉන්න ඕනේ. රටේ පොදු දේපල හා මුදල් නාස්ති නොකර, වංචා නොකර හිටියොත් මහජනයාගේ ආර්ථිකය හොඳ වෙයි. පළාත් පාලන ක්‍රමයත් රටට බරක් කරලනේ තියෙන්නේ.

:       0       0

Kumar Friday, 09 February 2018 10:56 AM

ඔතන ඉන්න අයගේ මුහුණු දැක්කාම කියන්න පුළුවන් පවුල් ප්‍රශ්න හොඳට විසඳන්න පුළුවන් අය කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 84 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site