ඉන්දිකා රාමනායක
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද (28) පස්වරුවේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා රංගජීව මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව වෙත කැඳවා තිබිණි.
අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක රංගජීව හෙට (29) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 5 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අත්අඩංගුවට
Thilina Wednesday, 28 March 2018 02:51 PM
මුළු රටම පාතාලය අණසකට අරගෙන.. වටේම වෙඩි තියාගන්නවා.. මිනිස්සු මහපාරේ මැරෙනවා.. වැලිකඩදී මැරුණු පාතාලයන් වෙනුවෙන් ආණ්ඩුව කුඩු මුදලාලිලාගේ පරම හතුරෙක් වුණු දක්ෂ නිලධාරියෙක් අත් අඩංගුවට ගත්තා..
SampathWednesday, 28 March 2018 03:35 PM
ඔයාලා කුමක්ද දන්නේ? නිකන් කොමෙන්ට් දැම්මට මෙලෝදෙයක් දන්නේ නැති කෙනෙක් පමණයි. මම මේ ගැන ඔක්කොම දන්නවා. මාලිගාව වගේ හදපු ගෙදර සල්ලි කාගෙන්ද ගත්තේ?
erdiWednesday, 28 March 2018 04:02 PM
තිළිණ සැකපිට අත්අඩංගුවට ගත්ත රංගජීව දක්ෂ නිලධාරියෙක් වෙන්න ඇති. එහෙත් හිරගෙදරට පැනලා අමානුෂික විදහට හිරකරුවන් ඝාතනය කරපු එක ජරා වැඩක්. නීතියෙන් දඬුවම් ලබා දුන්නට පස්සේ හිරගෙවල් ඇතුළට ගිහින් තෝර තෝර හිරකරුවන් මරනවා නම් නඩු අහන්නේ නැතුව හිරේ නොදමා ඔබ කියන හැටියට අල්ලගත්ත ගමන් මරල දැම්මා නම් හරි. (ඕවට අණ දුන්න අය නැවත බලයට ආවොත් හිරකරුවන්ට අබසරණයි.)
Thilina Wednesday, 28 March 2018 11:57 PM
ඔව් එර්දි ඔයා කියන්නේ ඇත්ත ..පාතාලේ මරාගෙන සාමාන්‍ය මිනිස්සු මැරුණාට කමක් නැහැ ..කප්පම් කුඩු කසිප්පු දූෂණ මංකොල්ල කෑවට කමක් නැහැ ..එහෙම කරලා හිරේ ගිහින් ඇප අරන් ඇවිත් ආපහු ඒවා කලාට කමක් නැහැ ..ඒ වගේ සමාජ පිළිල අයින් කරපු එක වැරැදි .තමන්ගේ පවුලට මෙහෙම දෙයක් වුනානම් ඔහොම කඩේ යයිද ??
සමන්ත Wednesday, 28 March 2018 08:02 PM
සමන්ත මේක මහා පුදුම රටක් වෙලානේ. යම්කිසි වරදකට හොරෙක්, මිනිමරුවෙක් හෝ සැකකරුවෙක් අත් අඩංගුවට ගන්න බෑ. නඩුව අහන්නත් කලින් රණවිරුවෙක්ලු, හොඳ පුද්ගලයෙක්ලු, රට වෙනුවෙන් වැඩ කරපු දේශප්‍රේමියෙක්ලු. කරුණාකරලා පොලීසියට, උසාවියට හෝ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට තමන්ගේ රාජකාරිය කරන්න ඉඩ දෙන්නකෝ ..
prachin Wednesday, 28 March 2018 03:17 PM
පාතාලයේ අය හා ඔවුන්ගෙන් සේවය ලබා ගන්නා දේශපාලකයෝ අද පාටි දායි.
sirimal Wednesday, 28 March 2018 03:18 PM
දෙයියෝ සාක්කි. මාපිලාම කාවි....
Madusha Wednesday, 28 March 2018 03:30 PM
ජයවේවා !!!
erdi Wednesday, 28 March 2018 03:30 PM
පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට හිතුමතේ හිරගෙදරට පැනලා හිරකරුවන් ඝාතනය කරන්න තිබුණ වුවමනාව මොකක්ද? නිකං වටේ යන්නේ නැතුව හිරකරුවන් අමානුෂිකව ඝාතනය කරන්න උපදෙස් දුන්න එවක ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගන්න බැරි ආණ්ඩුවේ කොන්ද පණ නැති කමද..? නැතිනම් තවමත් රට පාලනය කරන්නේ එවක රාජපක්ෂලමද? ලංකාවේ දේශපාලකයෝ ඒ අයගේ පව් රටේ රාජ්‍ය නිලධාරීන් ගෙවනවා.
SLWednesday, 28 March 2018 03:56 PM
අනේ එර්දි, සිරකරුවෝ ජේලර්ලව හිරකරගෙන ආයුධ අතින් අරගෙන ඉන්නකොට පිරිත් කියන්නද කියන්නේ? තත්වය පාලනය කරන්නන්නේ පොලිසියයි, එස්.ටී.එෆ් එකයි යැව්වේ. ඔය කියන්නේ සිරකරුවන් පොලිසියට වෙඩි තියනකොට අත් බදාගෙන ඉන්න කියලද?
erdiWednesday, 28 March 2018 04:41 PM
SL, ඔබ කියන්නේ තනිකර බොරුවක්. ඇත්ත කතා කරද්දී දේශපාලකයෝ ආරක්ෂා කරන්න එපා.
chinThursday, 29 March 2018 12:31 PM
සමහර පුද්ගලයන් ඉන්නේ සිහින ලෝකවල. මත්ද්‍රව්‍ය හා පාතාලයට එරෙහිව නඩු කියන්නලු ! මේ මිනිස්සු හිතන් ඉන්නේ පාතාලේ ඉන්නේ බබාලා කියලා.
Kumara Wednesday, 28 March 2018 03:41 PM
මේ ඔක්කෝටම දෙයියන්ගේ හාල් කැවිලා ...
ඩී. ජයදේව Wednesday, 28 March 2018 04:08 PM
දැන් බලාගෙන ගියාම මේ රටේ මානව හිමිකම් තියෙන්නේ අපරාධ කාරයින්ටයි, ත්‍රස්තවාදීන්ටයි විතරයි.
සතයපාලWednesday, 28 March 2018 04:34 PM
නැහැ ජයදේව ඔයාලා වගේ මෝඩයන්ටත් තියෙනවා.
සමන්ත Wednesday, 28 March 2018 08:48 PM
ඔව්..ඇත්ත කතා කරන හැමෝම වැරදි. අපරාධකාරයෝ හරි..
ranavi Wednesday, 28 March 2018 04:44 PM
ලිපියට අදාළ ප්‍රතිචාර දැක්කම හිතෙනවා ඇත්තට මිනිස්සු අකමැති බවක්.
amal Thursday, 29 March 2018 04:25 AM
කසුන් පුස්සැල්ල මහතාගේ වැලිකඩ පොත කියවන්න . ප්‍රශ්න ඔක්කොටම උත්තර තියනවා.
Shan Thursday, 29 March 2018 05:07 AM
ලංකාවේ අයගේ ජාතිකත්වය පේනවා මේකේ දාපු කමෙන්ට් වලින්.
සෙනෙවි ගාල්ල Sunday, 01 April 2018 01:37 AM
එස් එල් මහතානෙනි හිරගෙදර ඝාතන චාරිතාව කියවන්න. කැරල්ල වෙලාවේ තියපු වෙඩි වලින්ද පසුව තෝරා ඝාතනයන් සිදුවුනාද කියා දැනගන්න. මේක බෞද්ධ රටක් වෙලත් මනුශ්‍ය ඝාතනයෙන් පලිගැනීමේ චෙතනා ඇතිවිම ලැජ්ජා සහගතය.
සෙනෙවි ගාල්ල Sunday, 01 April 2018 01:40 AM
වෙනරටවල් වලත් මෙවැන්නන් මර්ධනය කරන්නේ මේ ආකාරයටද? පාතාලයන් මිනීමරුවන් විරුවන්සේ ඔසවා තබන්නේ පොලීසියම බව නොදන්නේද? චන්ඩියෙකු පළමු චන්ඩිකම කල විට නියම දඩුවම ලැබෙන්නේ නම් දෙවැන්න කරන්න පැකිලෙනු ඇත. අද පොලිසිය එසේ නොකරයි.