( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මාතර මූලස්ථාන පොලිසියට ගිය නීතීඥවරියකට එම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා බැනවැදී අමානුෂික ලෙස බැන සැලකීමෙන් ඇගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් ඇයට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙස එම පොලිස් නිලධාරියාට අද (28) නියෝග කළේය.
2013 වසරේදී පොලීසියට අවශ්‍යව සිටි බව කියන සිය සේවාදායකයෙකු සමඟ මාතර මූලස්ථාන පොලීසියට ගිය නීතීඥවරියකට එලෙස බැන වැදී තිබූ බව කියැවේ.
එම වන්දි මුදල පෞද්ගලික මුදලින් මාස හයකදී ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති වසන්ත කුමාර නැමැත්තාට නියම කරන ලදී.
එම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පස් දෙනකුට එරෙහිව නීතීඥ රාජිකා ප‍්‍රසාදිනී විජේතුංග මහත්මිය විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධ නියෝගය අද (28) විවෘත අධිකරණය හමුවේ ප‍්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස නියම කළේය.
COMMENTS
මාතර නම් ඔහොම්මයි. හැබැයි නියම වැඩේ තමයි නේද?
නියමයි..., මේවගේ අයට දෙන්න ඕනා මේවගේ දඬුවම් තමයි.
වැඩේ නම් හොඳ තමයි... එ්ත් මුලික අයිතිවාසිකම් නීතිය බලපාන්නේ නීතිඥවරුන්ට විතරද?
වන්දි මුදල පෞද්ගලික මුදලින් මාස හයකදී ගෙවන ලෙස පොලිස්කාරයා ටවුමේ කඩකාරයින්ට කියාවි.
මීට ප්‍රදානම හේතුවක් වෙන්නේ පොලිසියේ විනය පිරිහීමයි. මීට වඩා සිස්ටසම්පන්න බුද්දිමත්පොලීසියක් ලංකාවට අවශ්යයි.
ඊට අමතරව බංකුවක දිගා කර කස පහර 10 ක් වත් නියම කරා නං අපූරුයි...