තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක
රාජකාරි පැහැර හැරීම නිසා රතුපස්වල යුද හමුදා වෙඩි තැබීමේ සාක්කි විනාශ වීම සම්බන්ධයෙන් එවකට ගම්පහ පොලිස් අධිකාරීවයකු ලෙස සේවය කළ වත්මන් කන්කසන්තුරේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් මාසිංහ මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතාට දැන්වීය.
පිරිසිදු පානීය ජලය ඉල්ලු ප්‍රදේශවාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබීමෙන් තිදෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබීම සම්බන්ධ පැමිණිල්ල අද (09) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේය.
වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු ඒ ගැන සොයා බැලීමට එවකට බස්නාහිර උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා එවකට ගම්පහ පොලිස් අධිකාරී එක ලෙස සේවය කළ රංජිත් මාසිංහ මහතා පත් කර ඇතැයි ද, මාසිංහ මහතා එම ස්ථානයට ගොස් වැලිවේරිය පොලිසියට වැඩ බලන ස්ථානාධිපතිවරයකු ලෙස පොලිස් පරීක්ෂක අමරසේකර මහතා පත් කර පිටව ගොස් ඇතැයි ද රහස් පොලිසිය වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙය බරපතල සිදුවීමක් නිසා ඒ ගැන සොයා බැලීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් අධිකාරීරවයකු පත් කළත් මාසිංහ මහතා එම ස්ථානයේ විමර්ශන කටයුතු හරි ආකාරව සොයා නොබැලීම නිසා අපරාධ ස්ථානයේ සාක්කි විනාශ වී ඇතැයි රහස් පොලිසිය කීවේය. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බව රහස් පොලිසිය ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා හමුවේ ප්‍රකාශ කළේය.
COMMENTS
වර්තමාන රජයේ අධිකරණ ඇමතිතුමා තමයි මේ හැම දේකටම මුල. ඔහු ඔය ඇමතිකම දරනකම් පසුගිය රජයේ කසිම හොරෙකුට දඬුවම් නොලැබේ...
මේ සාමාන්‍ය තත්වයේ පොලිස් නිලධාරීන්ට රාජකාරිය හරිහැටි ඉටු කරන්න පුළුවන් වාතාවරණයක් ඒ කාලේ තිබුනේ නැහැනේ. තුම්මුල්ලේ උපවාසේ වෙලාවේ ඒ බව මුළු ලෝකයටම ඔප්පු උනා මතකද ?? පොලිස්පති තමන්ගේ නිලධාරීන්ට රාජකාරිය නිසියාකාරව ඉටු කරන්න උපදෙස් දුන්නා කියා එතුමාව ගෙදර අරිනවා කියාපු එක හැමෝටම ඇහුනානේ . සුළුතරයක් නිලධාරීන් මේ නීති විරෝධී නියෝග කැමැත්තෙන් ක්‍රියාත්මක කලත් බහුතරයක් එසේ කලේ තම රැකියාව බේරා ගැනීමටයි . මේ නිලධාරීන් පස්සේ එලවලා ඔවුනට දඬුවම් කිරීමට තැත් කිරීම විහිළුවක් .