(තරිඳු ජයවර්ධන සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලකෑමේ සැලසුමක් ඇතැයි කියමින් අද උදේ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මුදා හැරි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඔවුන් මුදා හැර ඇත්තේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
පොලිස් විශේෂ කාර්ය බළකායෙන් මේ පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් මූලික විමර්ශනයක් සිදු කළ බවත්, එහිදී අනාවරණය වී ඇත්තේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධිමය කරුණු ගැන වැරදීමකින් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ඔවුන් සමඟ තවත් පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයකු ද මුදා හැර තිබේ. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් හතර දෙනා 23 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූ අතර අසනීප තත්ත්වෙයන් පසු වූ එක් සැකකරුවෙක් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.
පසුගිය කාලයේ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සැකකරුවන් යැයි කියමින් කිහිප දෙනකු මරා දැමුණු අතර ඒ සියල්ල මේ සමඟ ප්‍රශ්නකාරී වන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
632
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ තුන් දෙනා ඇල්ලුවේ අත්වැරදීමකින්ලු - උසාවියෙන් මුදාහරී
sameera Wednesday, 22 August 2018 03:43 AM
ඒ පාර පොලිසිය වගේම උසවියත් විහිළුවක් වෙලාද?
de silva Wednesday, 22 August 2018 10:20 AM
විශ්වාස කරන්න බැහැ, රාජකාරියකට ගියා නම් එවෙලවේම උසස් නිලධාරියකුට කතාකර මේ අවුල නිරාකරණය කරගන්න තිබුනනේ ?