(චන්දන ප‍්‍රනාන්දු )
වෙන්නප්පුව පොලීසිය තුළදි පිහි ඇනුමකට ලක් වු කාන්තාවක් බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළු කර තිබේ.
එම කාන්තාව අද (12) තවත් පුද්ගලයකු සමඟ පොලීසියට පැමිණ ඇති අතර ඔවුන් මීට පෙර කළ පැමිණිල්ලක විභාග කටයුත්තක් සඳහා එලෙස පැමිණ තිබු බව පොලීසිය පවසයි.
ඔවුන් පොලීසියට පැමිණ සිටින අවස්ථාවේදී එම කාන්තාව සමඟ වසර කිහිපයකට පෙර ජීවත් වු බව පැවසෙන පුද්ගලයකුද පැමිණ සිටි ඇති අතර ඔහු මෙම පිහි ඇනුම සිදු කළ බව පොලීසිය කියයි. ඔහු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙලෙස බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ වයික්කාල ප‍්‍රදේශයේ උළු කර්මාන්තශාලාවක සේවය කරන 40 හැවිරිදි එක්දරු කාන්තාවකි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නප්පුවේ නම් ඉතින් පිහි ඇනුම්ම තමයි.
පොලිසියක් ඇතුලට සිවිල් පුද්ගලයකු පිහියක් රැගෙන ගියේ කෙසේද?සාමාන්‍යයෙන් පොලිසිය තුලට පැමිණෙන සිවිල් පුද්ගලයන් ලග ආයුධ තිබේද යන්න පරික්ෂා නොකරන නමුත් ඉදිරියේදී එලෙස කලයුතු යන්න මෙමගින් පෙන්නුම් කරනවා නොවේද ?
පිටිගල, මහත්තයා ප්‍රතිචාර දක්වන්නේ ලිපියක් හරියට කියවලා නෙමෙයි.