(සමන් විජය බංඩාර)
කෑගල්ලේ දී ලක්ෂ 30 ක කප්පමක් ගැනීමට ආ අයකු පොලිස් වැටලිමකදි පැන යන්නට උත්සාහ දරද්දි පොලිස් පරික්ෂකවරයාගේ ගිනි අවිය ක‍්‍රියාත්මක වි පොලිස් නිලධාරියෙක් සුළු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇත.
කෑගල්ල බල්ලපාන ස්ටොර්ස් නමැති වෙළෙඳ ව්‍යාපාරයෙන් රුපියල් ලක්ෂ 30 ක කප්පමක් ඉල්ලා ඇති බව පවසමින් කෑගල්ල මූලස්ථාන පොලිසියට එම වෙළෙඳ ව්‍යාපාරිකයා පැමිණිලි කර ඇති අතර මුදල ගැනිමට පැමිණෙන කප්පම් කල්ලිය කොටු කර ගැනිමට පොලිස් කණ්ඩායමක් සුදානමින් කෑගල්ල, හෙට්ටිමුල්ල ගම්සභා හන්දියේ රැකවල්ලාගෙන සිට ඇත.
කප්පම් කල්ලියේ පුද්ගලයකු පොලිසිය සමග පොර බදින අවස්ථාවේ පොලිස් නිලධාරියාගේ ස්වංක‍්‍රීය ගිනි අවිය ක‍්‍රීයාත්මක වි වැටලිමට සහභාගි වු නිලධාරියෙකුගේ පාදයකට වෙඩි උණ්ඩයක් වැදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රේනිං එකේදී පත්තු කෙරුවා මිසක් ඊට පස්සේ ඕවා පත්තු කරන්න වුනේම නැහැනේ.
හරියාකාර පුහුණුවක් නැතිකම සහ පුහුණුවෙන් පසු නැවත ඒ පුහුණව අලුත් කරගන්න මේ අයට ලබා දෙන්නේ නැති නිසා ලංකාවේ නිකම් පතුවෙනවා නිතරම වගේ හමුදා නිලදාරීන්ගේ ආයුධ
පොලිසිය පොලිසිය අතර නම් කමක් නැහැ, ඒ අය ඕක කොහොම හරි බේරගන්නේ නැතැයි. අහිංසක අපි ඉන්න පැත්තටත් දන්නෙම නැතුව තුවක්කුව පත්තු වුනොත් තමා. කාට කියන්නද එහෙම වුනොත්. පොලීසියේ තියෙන උණ්ඩ එහෙමත් බූමරංග වගේ කැරකිලා එන එව්වානේ.
මෙවැනි දේ ආරක්ෂක අංශ මගින් සිදු විය හැකියි. කප්පම් කල්ලිය කොටු කිරීම ගැන පොලිසියට ප්‍රසංශා කල යුතුයි.