(ඉන්දිකා  රාමනායක)

පලෙයි ඒ 9 මාර්ගයේ කච්චාවේලි  හන්දියේ දී  රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසකට හා පොලිස්  රේඩියෝ කාර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය  සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී  විමර්ශන කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු කොටි සමාජිකයා  ඇප මත මුදාහළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති   පි‍්‍රයන්ත ජයකොඩි මහතා පවසයි.

මෙලෙස ඇප මත මුදා හැරුණේ යාපනය කොකුවිල් කන්කාසන්තුරේ පාරේ පදිංචිව සිටි කිරුබාකරන් මුර්ති විජයගනේෂන්  නොහොත් සෝලන් නමැත්තාය.

මෙම පුද්ගලයා එල් ටී ටී ඊ සාමාජිකයකු වශයෙන් සිටියදී යුද හමුදාව විසින් පුනරුත්ථාපනය කර සමාජගත කරනු ලැබූ පුද්ගලයකු  බවත් මොහු මේ වනවිට රියදුරු පුහුණු කිරීමේ ආයතනයක අතරමැදියකු වශයෙන්  සේවය කරන්නකු බවත් පොලිසිය සදහන් කරයි.