තරිඳු ජයවර්ධන
වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කරනවාට පොලිස්පතිවරයා දිගින් දිගටම විරෝධය දැක්වූ කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා ජතික පොලිස් කොමිසම විසින් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කරනු ලැබීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා ඇතුළු පස් දෙනකු වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව මුල් වරට තීරණය කර පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ පසුගිය අප්‍රේල් පස් වැනි දා ය. ඒ මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා මහතා වැඩ බලන පොලිස්පති ධුරයට පත් කිරීම ගැන නැවත සලකා බලන ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබිණි.
එම තීරණය සලකා බලා යළිත් වරක් පොලිස් කොමිසම දැනුම් දුන්නේ ඒ දෙදෙනා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්දෙනාම වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කරන ලෙසයි. කෙසේ වෙතත් අවස්ථා තුනකදීම ඔවුන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් නොකිරීම නිසා මැයි මාසයේ මුල් සතියේ දී ජාතික පොලිස් කොමිසම පාලිත සිරිවර්ධන මහතා හැර ඉතිරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු හතර දෙනා වැඩ බලන පොලිස්පතිවරුන් ලෙස පත් කරනු ලැබූහ.
තමා කිලිනොච්චි කොට්ඨාසයෙන් මාරු කර කොට්ඨාසයක් නැතිව සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන බවට කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමක දී පොලිස්පතිවරයා ප්‍රකාශ කළ බව කියමින් පාලිත සිරිවර්ධන මහතා පොලිස්පතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි. බොරු චෝදනා මත යළිත් වරක් තමාට හිරිහැර කරන බව කියමින් සිරිවර්ධන මහතා පොලිස්කොමිසමට පැමිණිලි කර තිබුණු බව කොමිසමේ ආරංචි මාර්ග කියයි. මේ හේතුව නිසා තමාට උසස්වීම් නොදෙන බව කියමින් පාලිත සිරිවර්ධන මහතා කොමිසමට ලිඛිතව දැනුම් දුන් බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පාලිත සිරිවර්ධන මහතාට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් කෙටුම්පත් කර නීතිය හා සාමය අමාත්‍යංශයට යවා ඇතැයි පොලිස්පතිවරයා දැනුම් දුන් බවත්, ඒ අනුව එම චෝදනා පත්‍ර දෙක කොමිසමට ගෙන්වාගෙන විමසා බැලූ බවත්, එම චෝදනා පත්‍ර සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති නිසා ඒවා ප්‍රතික්ෂේප කළ බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව කිලිනොච්චි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා වැඩ බලන නියෝජ්‍ය පොලිස්ති තනතුරට පත් කළ ජාතික පොලිස් කොමිසම ඊට අදාළ පොලිස් පණිවුඩය නිකුත් කරන ලෙස පොලිස්පතිට දැන්වූ බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
කිලිනොච්චි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වී ඇත්තේ 1979 වසරේදීය. ඒ මහතා කොළඹ, තංගල්ල, යාපනය ආදී ප්‍රදේශ රැසක සේවය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාලයේ මෙහෙම උනේ නෑ අපෙ හාමුදුරුවනේ.... උසාවිය කිව්වත් තීරණ වෙනස් කලේ නෑ...
ජනතාව චන්දයෙන් ප්‍රතික්ෂේප මිනිසුන්ට ඇමතිකම් දුන්නානම් පොලිස්පති ප්‍රතික්ෂේප කල කෙනෙකුට නියෝජ්‍ය පොලිස්ප්ස්තිකම දීම පුදුමයක් නොවෙයි. දැන් වෙන්නේ කුඹුර හාන්න එලහරක්යි මීහරකයි ඇන්දුවාම වෙනදේ. දෙසපාලුවන්ට පොලිස්සිය තුල පාලනය බොහොම ලෙහෙසිවෙනවා
පොලිස්පති හරි .. මොහු මිනීමැරුම් චෝදනාවකට ලක්වී වැඩපවා තහනම් කල පුද්ගලයෙක් . කොහොම නිදොස් වෙලා අයිමත් තනතුර ආවද කියා දෙවියෝ පමණයි දන්නවා ඇත්තේ ..අපිට තේරෙන්නේ නැහැ සේවා වාර්තාවේ කළුපැල්ලම් තිබෙන පුද්ගලයන්ට කෙසේද උසස් වීම් දෙන්නේ කියා ?
වයස අවුරුදු 18 දී සේවයට ආවත් දැන් වයස 57 යි. පොලිස්පතිතුමාගේ මේ විරෝධය වසර 40 ක් පොලිස් සේවාවේ සිටි විශ්‍රාම යන්න ඔන්න මෙන්න තියෙන කෙනෙකුට යි!
පොලිස්පති හරිද? කොමිසම හරිද? නීතිය සහ සාමය පිලිබඳ ඇමතිතුමාගෙන් අහන්න.
රටේ සාමය පවත්වාගැනීම කෙසේ වෙතත්, තම ඉහල නිලධාරීන් අතරවත් සාමය එකමුතුකම පවත්වාගන්න මේ පොලිස්පත්වරයා අසමත්.
කවුද නිවැරදි කවුද හරි කියල නොදැන කොහොමද අදහස් පල කන්නේ? ඔය කොමිෂන් ස්වාධින කිව්වට ඕවයේ ඇතුළේ දේශපාලන නියෝජිතයෝ ඉන්නවා.
මේ පොලිස්පතිතුමා නම් කුජිත වෙලා ඉන්නේ... පාලිත සිරිවර්ධන කියන්නේ ඉතා හොඳ ජනප්‍රිය පොලිස් නිලධාරියෙක්...
දැන් පොලිසිය නම් ඉවරයි. නිලධාරීන්ගෙන් හරියට පළිගන්නවා. පිස්සු නටනවා... පාලිත සිරිවර්ධන කියන්නේ ඉතා හොඳ පොලිස් නිලධාරියෙක්... කව්රුත් දන්නවා මේ ඇතැම් ලොක්කන් නිලධාරින්ගෙන් හරියට පළිගන්නවා.