IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොලිස්පති භාවනා කරනවා හිටපු ජනපති මහින්ද කියයි

(දයාරත්න ඇඹෝගම)  

                                                     
පාතාලයේ ක්‍රියාකාරකම් එන්න එන්නම වැඩි වෙනවා.මේවාට රජය සම්පුර්ණයෙන්ම වගකිව යුතුයි. පොලිසිය හරහා මේවා මැඩ පැවැත්විය යුතුයි. පොලිස්පති භාවනා කරනවා. පාතලය මර්දන කිරිම පැත්තක තබා රජය තමන් පසුපස එලවන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) අනුරාධපුරයේ දී පැවසීය.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ අද (17) පෙවරුවේදී ශ්‍රී මහ බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහ සෑය අභියස පැවැති ආගමික වතාවත් වලින් පසුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.


ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කිරිම සම්බන්ධයෙන් මෙහිදි මාධ්‍යවේදීන් විමසු අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මැදගොඩ හිමියන් සිදුකළ ප්‍රකාශය නිවරුදි බවයි. රජය හිතා මතාම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කර ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කළේය.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස හිමියන් බැහැ දැකීමෙන් පසුව ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව ආගමික වතාවත් වලට සහභාගී විය.


ලංකාරාමය මිරිසවැටිය සහ ජයන්ති විහාරස්ථාන වැද පුදා ගැනීමටද හිටපු ජනාධිපතිවරයා  එක්විය. මෙම ආගමික වතාවත් සඳහා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන එච්.සී.මුතුකුමාරණ, ශෙහාන් සේමසිංහ උතුරුමැද හිටපු මහ ඇමැති එස්.එම්.රංජිත් සමරකෝන් හිටපු සභාපති ටී.එම්.ආර්.සිරිපාල එච්.බී.සේමසිංහ නගරාධිපති එච්.පි.සෝමදාස යන මහත්වරු ඇතුළු මහජන නියෝජියන් රැසක් එක්ව සිටියහ.



අදහස් (12)

පොලිස්පති භාවනා කරනවා හිටපු ජනපති මහින්ද කියයි

කුමාර් (ගල්ෆ්) Sunday, 17 June 2018 07:19 AM

එයාලා හදලා පෝෂණය කරපු පාතාලේ... දැන් කියනවා වෙනකාටවත් මර්ධනය කරන්න කියලා.

:       745       352

සුමනාවතී නිව්යෝර්ක් Sunday, 17 June 2018 12:32 PM

ඔල්මාදේ හැදිලාවත්ද?

:       181       141

කුමාර් (ගල්ෆ්) Sunday, 17 June 2018 07:57 AM

මෙයාලටම බලය ගන්න මොන මගඩිය හරි කරනවා. මේ රට කරන්න දෙන්නේ නෑ...

:       654       452

RNG Sunday, 17 June 2018 01:48 PM

දැන් කොරන්නෙ ඔය අපූරුවට ..

:       0       0

Ajith Sunday, 17 June 2018 08:23 AM

භාවනා කරන එක හොඳයි. තමාගේ කාලේ වගේ උද්ඝෝෂකයෝ මරන්නේ නැතිව...

:       643       445

athura Sunday, 17 June 2018 11:14 AM

මෙය හිතන් ඉන්නේ මෙයාගේ කාලේ වගේ නියෝගෙ එන්නේ අරලියගහ මන්දිරෙන් කියලා...

:       443       306

Sunil Sunday, 17 June 2018 12:12 PM

ඉස්සර හිටපු අයත් පොලිසිවල පොත්වල කොළ ඉරුවෙත් භානවා කරලනේ? ඉහින් භාවනාව මෙයාගේ කාලේ ඉදලා එන එකක් ?

:       0       0

Banda Sunday, 17 June 2018 06:59 PM

ඔය අතේ එල්ලන් ඉන්න බෝල වළලු මොනවාද මෙය තවමත් ඉන්නේ අප්‍රිකාවේ ගෝත්‍රික නායකයෙක් වාගේ තව අවුරුදු 100 යක් ගියත් අපේ රට ඔතනමයි........

:       0       1

Chanak Los angeles Sunday, 17 June 2018 08:17 PM

යන්නේ පන්සලට ආගමික වතාවත් වලට දොඩවන්නේ අපබ්‍රංශ . අනේ කාලේ වනේ වාසේ ..

:       0       0

chat hurt Sunday, 17 June 2018 10:27 PM

මල්ලිට කියලා සුදු වෑන් එක යවන්න. බුදු අම්මෝ...!!! කියලා පණ කඩාගෙන නැගිටලා දුවයි.

:       0       0

suneth hemantha Monday, 18 June 2018 01:57 AM

මහින්දගේ කාලේ පාතාල ලෝකේ කියන නමවත් අහන්න ලැබුනේ නැහැ අපිට.

:       0       0

Sapumal Monday, 18 June 2018 03:22 AM

" වැරදි කරලා පන්සල් වදිනවට වඩා " " කරනා අය හොදයි නීති භාවනා වඩා "

:       0       115

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31284 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13478 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10992 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 929 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site