IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ප්ලාස්ටික් පයිප්ප පාරුවකින් ලංකාවට එන්න හැදු ලාංකිකයෙක් ඉන්දිය පොලිස් බාරයට

ප්ලාස්ටික් පයිප්ප වලින් සැකසූ  පාරුවක් මගින් මන්නාරම්  බොක්ක හරහා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට පළා ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු තිදෙනෙකු ඉන්දීයාවේ තමිල්නාඩුවේ එර්වාඩි වෙරළ ප්‍රදේශයේ දී එරට පොලිසිය  විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.
 
එලෙස අත්අඩංගුවට ගත් ලාංකිකයා අම්පාර ප්‍රදේශයේ  පදිංචිව සිටි මොහොමඩ් අලි නැමති 43 හැවිදි අයෙකු  වන අතර ඔහු 2006 දී තමිල්නාඩුවට ගොස් ඇතැයි ද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත්  කියා සිටී.
 
 ඔහු ඉන්දියාව රැඳී සිට ඇති අතර වීසා බලපත්‍රය කල් ඉකුත් වුවද ඔහු ශ්‍රී ලංකාවට පැමිණ නැත. පසුව එම පුද්ගලයා නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවේ විවිධ සරණාගත කඳවුරුවල වාසය කර ඇති බව වාර්තා වේ.
 
 මෙම ලාංකිකයා ඇතුළු තිදෙනා ඒර්වාඩි වෙරළ“ තීරයේදී  පෙරේදා  (07) මන්නාරම් බොක්ක හරහා ප්ලාස්ටික් පයිප්ප භාවිතයෙන් පාරුවක් සකස් කර නීතිවිරෝධී ලෙස මෙරටට පැමිණීමට උත්සාහ කර ඇත.ඒ බව දුටු ධීවරයින් ප්‍රදේශයේ පොලීසියට දැනුම් දී ඇත.
  
පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ මොහොමඩ් අලි ලාංකිකයා ඔහුගේ සහෝදරයා වන  ඉන්දීය පුරවැසිභාවය හිමි මොහොමඩ් හසන් (35) නැමැත්තා සහ  සාහුල් හමීඩ් නැමති ඉන්දීය ජාතිකයා තමිල්නාඩු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
 
 
තමා යුද සමයේදී තමිල්නාඩුවට පැමිණි බවත්, මේ වන අසනීපව සිටින බවත්, ප්‍රතිකාර ගැනීමට මුදල් නොමැතිකම නිසා නැවත ශ්‍රී ලංකාවට යෑමට තීරණය කළ බවත් ඔහු පොලීසියට පවසා ඇතැයිද චෙන්නායි තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
 
 පොලිස් බලධාරීන් විසින් සැකකාර ලාංකිකයා ඇතුළු  තිදෙනා පසුව එරට අධිකරණයට  ඉදිරිපත් කර ඇති අතර , ඔවුන් තිදෙනා පුලාල් බන්ධනාගාරයේ  රඳවා තබන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.
 
 මෙම සැකකරුවන් දනුෂ්කොඩි ප්‍රදේශයේ සිදුවූ ගංජා සහ රන් ජාවාරම් සඳහා මොවුන් සම්බන්ධ දැයි සොයා පොලීසිය  පරීක්ෂණ පවත්වන අතරම  සැකකරුවන් තිදෙනා ඒර්වාදී ප්‍රදේශයේ සැඟවී සිටියේ කෙසේදැයි සොයා වැඩිදුරටත් පොලිස් පරීක්ෂණ පවත්වනු ලබන බවද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
 
(125)
 



අදහස් (3)

ප්ලාස්ටික් පයිප්ප පාරුවකින් ලංකාවට එන්න හැදු ලාංකිකයෙක් ඉන්දිය පොලිස් බාරයට

krishantha Tuesday, 08 September 2020 08:20 AM

ඉන්දියාවේ අය බෙහෙත් ගන්න සල්ලි නැතිව ලංකාවට එනවා. ඉන්දියාව ලංකාවට නොමිලේ ඇම්බියුලන්ස් දෙනවා.

:       0       24

nalin Tuesday, 08 September 2020 08:44 AM

මේ අය කොරෝනා හදාගෙන ලංකාවට එන්න හදනවාද දන්නේ නෑ.

:       0       19

ferna Tuesday, 08 September 2020 08:58 AM

ශ්‍රී ලංකාවට පලාඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු..?

:       8       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site