(මනෝජ් හර්ෂික)
පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව එළඹෙන අගෝස්තු මාසය වන විට පලාලි ගුවන් තොටුපළ හරහා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2 250ක් වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර ලෙස රුපියල් මිලියන 300ක් වශයෙන් මේ සඳහා බැර කෙරේ.
එසේම ප්‍රධාන අධියර තුනක් යටතේ මෙම ගුවන් තොටුපළ සංවර්ධනයට පියවර ගැනේ. ඒ අනුව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ගුවන් තොටුපළින් සිදු කෙරෙන ගුවන් ගමන් සඳහා අවම මිල ගණන් යටතේ ගුවන් ටිකට්පත් ද මහජනතාවට නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2019 ජුලි 07 දිනට ලංකාවට පැමිණෙන ගුවන්යානා සංඛ්‍යාව 41 ( ශ්‍රී ලන්කන් ඇතුළුව). පැමිණෙන මගින් සංඛ්‍යාවේ ලොකු වෙනසක් නොවීම නිසා... යාපනය සහ ආසන්නයේ ඇති ප්‍රදේශවල සිටින ජනයාට, ඉන්දියාවට යාමට පමණක් මින් වාසි සැලසෙනු ඇත. දවසකට ගුවන්යනා 1-2 ක් පමණක් වනු ඇත. නමුත් පැය 24ම ආරක්ෂාවක්, රේගු, ආගමන-විගමන සහ තවත් විශාල කාර්ය මණ්ඩලයක් යෙදවීමට රජයට සිදුවනු ඇත. මෙය මත්තල ගුවන් තොටුපොල වගේ "තවත් සුදු අලියෙක් " පමණක්ම වනු ඇත.
ඉන්දියාවේ සිටින සංචාරකයින්ට ලංකාවට එන්නත් ලංකාවේ අයට දඹදිව සංචාර යන්නත් හොඳි පිටුවහලක් වෙයි. මේ අලුත් එයාපෝට් එක. දැනට දකුණු ඉන්දියාවට එන විදෙස් සංචාකයින්ට තියෙන එක ගැටළුවක් තමයි ලේසියෙන් ලංකාවට එන එක. දැනට ලංකාවෙන් ඉන්දියාවට දවසට ගුවන් ගමන් වාර 20ක් විතර යනවා. එයින් ගමන්වාර 12 ක්ම චෙන්නායි බැංගලෝර් සහ මදුරෙයි කරා යනවා.. ඉතින් මුල් කාලයේ ගුවන් ගමන් 6-7ක් ලැබුණත් ඇතිනේ.. කටුනායකට වඩා එයාපෝට් ගාස්තු අඩු වුණොත් එයා ඒෂියා, ඉන්ඩිගෝ වගේ බජට් එයාලයින් වුණත් මේ අලුත් පලාලි ගුවන් තොට පාවිච්චි කරාවි..