(*** ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)
මඩකළපුව දිස්ත්‍රික්කයට පමණක් තරග කර එක් මන්ත්‍රී අසුනක් හිමිකර ගත් තම පක්ෂය නව රජයට සහාය පළ කරමින් පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව ‘තමිල් මක්කල් විඩුදල පුලිගල් හෙවත් ටී. එම්. වී. පී. පක්ෂය කියයි.
එම පක්ෂයේ නායක හිටපු නැගෙනහිර මහ ඇමැති සිවනේස තුරෙයි චන්ද්‍ර කාන්තන් හෙවත් පිල්ලයාන් මෙවර මහා මැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප සංඛ්‍යාව වන 54198ක් ලබා පාර්ලිමේන්තුවට තේරීපත්විය.
තම පක්ෂය කවදත් මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට සහාය පළකර ඇති නිසා මෙවරද තම පක්ෂයේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවන බව ටී. එම්. වී. පී. පක්ෂයේ නියෝජ්‍ය නායක හා එම පක්ෂයේ නියෝජ්‍ය සභාපති නාගලිංගම් තෙරවියම් හෙවත් ජෙයම් පැවැසීය.
පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් ඝාතන චෝදනාවට සිරගතවී සිටින අතර මඩකලපුව මහාධිකරණයේ මෙම නඩුව විභාග වෙමින් පවතී.
COMMENTS
ඕක ඉතින් අලුත් දෙයක්ද? කොහොමත් මෙයා හිටියේ පොහොට්ටුවේ..
ඕක ඉතින් අහන්න දෙයක්ද? මිනීමරපුවා අපිට අදාල නැහැ.
මේ පක්ෂයේ නම කවදාවත් සිංහලෙන් කියන්නේ නැත්තේ ඇයි? දෙමළෙන් කියන නම ඉංග්‍රීසියෙන් දාන්න පුුළුවන් නම්...
ආණ්ඩුවට දැන් මිනීමැරුම් චෝදනා තියෙන දෙන්නෙක්ම ඉන්නවා. කාටද ආඩම්බර...?
පිල්ලෙයාන් මල්ලි, ඔයා හොඳ එක්කෙනා. අනිත් අය කොටි වුණාට ඔයයි, කරුණා මල්ලියි හොඳයි. අපි ඔයාට සලකන්නම්. තව ටික දවසක් ඔහොම්ම ඉන්න. ඊට පස්සේ හෙමිහිට එළියට ගන්නම්...
දැන් 2/3 පැනලා බලය තිබෙනවා. දැන් අපි කාටද බය? අපිට කවුද බය? දැන් උතුරුකරේ දෙමළ-මුස්ලිම් ත්‍රස්තවාදය ගැන ඔබ බලාගන්න.
මේ පොහොට්ටුවේ ජාතික වීරයෝ... සිංහලයිනේ, නැගිටියව්...!!!!
ජගත් ඔයා හරි... මේ තමයි අනාගතේ අපේ ජාතික වීරයෝ...