(කාංචන කුමාර ආරියදාස)
අනුරාධපුර, මාතලේ, කුරුණෑගල දිස්ත්‍රික්කයත් අතර මායිම්ව පිහිටි කහල්ල පල්ලෙකැලේ අභය භූමිය සහිත රක්ෂිතය මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර දමා එළිපෙහෙළි කිරීමේ ජාවාරමක් හෙළි කරගැනීමට ගල්කිරියාගම වනජීවී නිලධාරී සමත්වුහ.
අභය භූමිය එළිපෙහෙළි කරමින් තිබූ බැකෝ යන්ත්‍රයක් සහ පුද්ගලයන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වී තිබේ.
මෙම අභය භූමිය වනසතුන් ගහන වූ අතිශය වැදගත් ශාකයන් රැසක් පවතින භූමි භාගයක් වන අතර දීස්ත්‍රික්ක තුනේම ජල පෝෂක ප්‍රදේශ මෙම භූමියේ පිහිටා තිබීම විශේෂත්වයකි .
කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ රෝස තිරුවානා නිධිය මෙන්ම ඉපැරණි නටබුන් සහිත ස්ථාන රැසක් පවතී.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව වනජීවී නිලධාරීහු පවසති.





COMMENTS
මුන්ට විසාල දඩයක් සහා දීර්ඝ සිර දඬුවම් පමුණුවා බැකෝ යන්ත්‍රය රාජසන්තක කලොත් හොන්දයි.
ඉස්සර නම් රක්ෂිත තිබුනේ සතුන්ට ජීවත් වෙන්න,සහ පරිසර පද්දතිය රැකෙන්න .දැන් තියෙන්නේ දේශපාලුවන්ට කපල සල්ලි හම්බ කරන්න .අර විල්පතුවේ කැලෑ පාළුව දැන් නැතෙයි ? .ජනාධිපති තුමා කැලෑපාලු වගේ ආධාර ලැබෙන රටට හිගින් ඉන්නේ
ගස් කපන්න කලින් වෙන දේ ගැන හිතුවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ....!!!
විල්පත්තු විතරයි ලංකාවේ මීඩියාවලට පේන්නේ . ලංකාවේ හැම තැනම සල්ලිකාරයො හූරගෙන කනවා, මහලොකු පරිසරවේදීහු කට වහහෙන ඉන්නවා ,
කවුරු කළා වුණත් වැරදියි. එදා ලොක්කෝ තමා විල්පත්තුව කපන්න ඉඩ දුන්නේ... මම ළඟදි එහෙ ගියා කිසිම ලොකු සතෙක් දැක්කේ නැහැ. අලියෙක්වත් නැහැ. මේ වනයට පිටරටින් සත්තු ඇවිත් දමා බෝ කරන ලෙස ඉල්ලමි. ශබ්ද වැඩි වාහන වනෝද්‍යාන වලට ඇතුල්වීම තහනම් කරමු.