(ඩයනා උදයංගනී)
කැලණිය - පෑලියගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ගුවන් පාලමේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් වසා තිබූ මංතීරු දෙක මේ වන විට යළිත් ගමනා ගමන කටයුතු සඳහා විවෘත කර ඇති අතර ඉතිරි මංතීරු දෙකෙහි අලුත් වැඩියා කටයුතු වෙනුවෙන් අද (5) සිට රාත්‍රී 10.00ත් අලුයම 4.00ත් අතර කාලයේදී වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියාරච්චි මහතා පැවසීය.
ගමනා ගමන කටයුතුවලට බාධා නොවන අයුරින් එහි ඉතිරි කොටසෙහි අලුත් වැඩියාව මෙසේ රාත්‍රී කාලයේදී කොටස් වශයෙන් සිදුකිරීමට තීරණය කළ බව ද සභාපතිවරයා සඳහන් කළේය.
මීට පෙර අලුත් වැඩියා කළ කොටස විවෘත කිරීමට නියමිතව තිබුණේ අගෝස්තු මාසයේදී වුවත් ජනතාවට සිදුවන පීඩාවන් අවම කිරීමේ අරමුණින් එම කටයුතු කඩිනමින් අවසන් කළ බව ඔහු කීවේය.
මෙම ගුවන් පාලම දින 65න් නිම කළ එකක් වුවත් එහි ඇණ මුරිච්චි සියල්ල දිරාගොස් ඇති බැවින් එකින් එක පරීක්‍ෂා කරමින් අලුත් වැඩියා කරන්නට සිදුව තිබෙන බව කී සභාපතිවරයා එවැනි පාලම් කිසිසේත්ම ලංකාව වැනි රටකට නොගැළපෙන බව සඳහන් කළේය.
ඉදිරියේදී නොමිලයේ ලැබුණත් එවැනි පාලම් භාරනොගන්නා ලෙස ඉදිරියේදී පත්වන ඉංජිනේරුවන් දැනුවත් වන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියේ සටහන් යොදා තිබෙන බව ද ඔහු සඳහන් කළේය.
මෙවැනි පාලම් කඩිනමින් ඉදි කළ හැකි වුවත් අලුත්වැඩියාවලදී සිදුවන මුදල් නාස්තිය වැඩි බව කී සභාපතිවරයා මෙවර එහි පැවැත්ම වැඩි කාලයක් රඳවා ගැනීම වෙනුවෙන් විශේෂ ආවරණයක් යොදන්නට සිදුවූ බවද කියා සිටියේය.
ශ්‍රී ලංකාවට ඉතා හොඳින් ගැළපෙන්නේ කොන්ක්‍රීට් ගුවන් පාලම් බවද හෙතෙම පැවසීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මේ බව පැවසුවේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පාලමේ අලුත්වැඩියා කළ කොටසේ දමා ඇති කාපට් අඩංගු කොටස් පරණ ඒවමයි දාලා තියෙන්නෙ. පාලමේ මැද කොටස විතරයි අලුතෙන් දාලා තියෙන්නෙ. පාලම ආරම්භ වන කොටසෙයි, අවසන් වන කොටසෙයි දමා ඇත්තේ කලින් දමා තිබූ කාපට් ප්ලේට්මයි. කලින් තිබූ සුදු ඉරි සහිත කොටස් පාලමේ මුල සහ අගට දමා ඇත. එම නිසා යතුරුපැදිකරුවන් ඉතා ප‍්‍රවේසමෙන් ධාවනය කළ යුතුය.
මේ අර ආසියාවේ ආශ්චර්යයට ඇතුළුවෙන තැන හදපු ලෝක වාර්ථාගත පාලම නේද?
මරා ගේ ආශ්චර්ය තමා..
ඔන්න ගිය ආණ්ඩුවේ සංවර්දනේ.
මේ තියෙන්නේ අපේ මහා සංවර්ධනය