IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලිතින් සැරසිලි ගැන පොලිසියට කියන්න

(විනීතා එම්. ගමගේ)

දේශපාලන රැස්වීම් පිළිගැනීම් හෝ එවැනි වෙනත් උත්සවවල පොලිතින්වලින් සැරසිලි සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි.

මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලදී එවැනි සැරසිලි සිදුකරන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිසියට පැමිණිලි  කරන්නැයි මධ්‍යම පරිසර අධීකාරියේ සභාපති මහාචාර්ය ලාල්  මර්වින් ධර්මසිරි මහතා එම අධිකාරියේ අද(19) පැවැති මාධ්‍ය හමුවක දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජාතික පාරිසරික පනතේ 37 වගන්තිය අනුව ජාතික, දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාපනික හෝ  ඕනැම මට්ටමක උත්සවයක දී පොලිතින් සැරසිලි භාවිතය තහනම් වන බව කී සභාපතිවරයා ඉදිරි මැතිවරණයේ දී මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරන බව ද කීය.

පොලිතින් හා ප්ලාස්ටික් තහනම් කරමින් ගැසට් නිවේදන කිහිපයක් නිකුත් කර ඇති අතර 2034/ 36  දරන නිවේදනයෙන් පොලිතින් හෝ ප්ලාස්ටික් විවෘත ස්ථානවල දමා පිළිස්සීමද තහනම් කර ඇති බව සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.

මාධ්‍ය හමුව ඇමතූ සභාපතිවරයා මෙසේ ද කීය.

‘‘ සැප්තැම්බර් පළමුවැනිදා සිට පොලිතින් හා ප්ලාස්ටික් වර්ග කිහිපයක් තහනම් කළ නමුත් ඒ  පිළිබඳ දැඩි පරික්ෂාවන් ආරම්භ වෙන්නේ ලබන පළමුවැනිදා සිටයි. ඒ කාලය ලබා දුන්නේ විකල්පවලට මාරුවෙන්නයි. මේ වනවිටත් පොලිතින් නිෂ්පාදනය කරන ස්ථාන පරික්ෂා කරමින් ඉන්නවා. මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි ආයතන මෙන්ම ලියාපදිංචි නොවු ආයතනත් පවතිනවා. මේ සියල්ල පරික්ෂාවට ලක්කරනවා. ලියාපදංචි නොවී පොලිතින් නිෂ්පාදනය කරන ස්ථාන පිළිබඳ දන්නේ නම් මධයම පරිසර අධිකාරිය දැනුවත් කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා‘‘



අදහස් (2)

පොලිතින් සැරසිලි ගැන පොලිසියට කියන්න

cisco Tuesday, 19 December 2017 11:11 AM

ඔබතුමාළත් මැතිවරණ කොමිසම කියනවා වගේ මේක නීති විරෝධී වැඩක් කියල පොඩි ස්ටිකර් එකක් අලවන්න.

:       0       0

බස් මගියා Tuesday, 19 December 2017 01:18 PM

බස් නැවතුම්පලවල බකට් කම්බිවලින් එල්ලන පොලිතින් ඇතුළු අපවිත්‍රදේ තහනම් කරනවානම් හොඳයි නේද? මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමනි ,මහජනයාගේ යහපත පිණිස මේ ගැන සොයා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site