විනීතා එම් ගමගේ
සිවිල් ආරක්ෂක බළකායේ කඳවුරු වලින් භටයන් 200 ක් බැගින් තෝරාගෙන පරිසර ආරක්ෂක බළකායක් පිහිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය සැරසෙයි.
දිවයින පුරා පිහිටා ඇති සිවිල් ආරක්ෂක බළකා කඳවුරු 23 න් හා පුහුණු පාසල් වලින් මෙම පිරිස තෝරා ගන්නා බවත් ඒ අනුව 5000 ක පමණ සාමාජිකත්වය ඇති පරිසර බළකායක් සැකසිය හැකි වන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා එම අධිකාරියේ අද (10) පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.
මෙම නිලධාරීන්ට පරිසර නීති රීති පිළිබඳ දැනුමක් හා පුහුණුවක් ලබාදී දිස්ත‍්‍රික් පරිසර කාර්යාල වලට අනුයුක්ත කරන බවත් සභාපතිවරයා කීය.
පරිසර නිලධාරින්ගේ රාජකාරිවලට සහය දීම මෙම බළකායේ සාමාජිකයින්ගේ ප‍්‍රධාන රාජකාරිය වන බව ද හෙතෙම සඳහන් කළේය.
විශේෂයෙන් පරිසර දැනුවත් කිරීම්, පරිසර නීති කඩන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීම් වැනි කටයුතු වලදී මෙම පිරිසගේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද පල්ලේගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd