IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රසන්න රණතුංගේ හඬ පටයක් සාක්කි විභාගයට

මනෝප්‍රිය ගුණසේකර

බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා දුරකතනයෙන් තර්ජනය කළ බව පවසමින් එලෙස තර්ජනය කරන හඬ පටයක් කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය හමුවේ අද (11) ප්‍රතිවාදනය කළේය.

කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් විසිහතරක් එම ඉඩමින් ඉවත් කොට ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බවට චෝදනා ලැබ සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවේ සාක්කි දෙමින් ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් මහතා අදාළ හඬ පටය අධිකරණය  හමුවේ මෙලෙස ප්‍රතිවාදනය කළේය.

2015 අප්‍රේල් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී සුරන්ජන් ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැත්තාට බියක් ඇති කර චෙක්පත් පහක් සහ පොරොන්‍දු නොට්ටු පහක් බලහත්කාරයෙන් ලබා ගැනීමට කුමන්ත්‍රණය කිරීම  ඒ අනුව කටයුතු කර අදාළ චෙක්පත් සහ පොරොන්‍දු නෝට්ටු ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා , ඔහුගේ බිරිඳ වන ගම්පහ උඩුගම්පොල පදිංචි මොරීන්  ස්ටේලා රණතුංග මහත්මිය සහ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන මොරීන්  රණතුංග මහත්මියගේ ඥාතියෙකු වන නරේෂ් කුමාර් ෆාරිස් නමැත්තෙකි.

චෝදනා ලැබ සිටින ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන නරේෂ් කුමාර් ෆාරිස් නමැති විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා ඔහු නොමැතිව මෙම නඩුව විභාග කිරීමට තීරණය කොට ඇත.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුරටත් සාක්කි දුන් පිටකෝට්ටේ පදිංචි විද්‍යුත් උපකරණ සමාගමක අධ්‍යක්‍ෂවරයෙකු වු ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් මහතා  මෙසේද කීය.

බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා 2015 මැයි මස 29 වැනිදා දහවල් මට කෝල් එකක් දුන්නා එලෙස කෝල් එකක් දී ‘අද දවස ඇතුලත මට මිලියන 06ක් ඕනේ. උඹ මගේ හැටි දන්නවානේ?’ කියමින් මට තර්ජනය කළා. මං ඒක පටිගත කරගත්තා.

මේ අවස්ථාවේදී සාක්කිකරු විසින් එලෙස පටිගත කරගන්නා ලද හඬ පටය අධිකරණය හමුවේ ප්‍රතිවාදනය කරන ලදී.

අද දවස ඇතුළත මට මිලියන 06ක් ඕනේ කියා හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මට කීවා. එදින ඇතුළත මට එපමණ මුදලක් දෙන්න නැති නිසා ඒ වේලාවේ රුපියල් මිලියන 03ක මුදලක් දෙන්න අපි ලැහැස්ති වෙලා හිටියේ.

නරේෂ් කියන්නේ මේ සිද්ධියේ අතරමැදියා. 2015 අප්‍රේල් මාසයේ 10 වැනිදා ප්‍රසන්න රණතුංග මහතාට චෙක්පත් වගයක් බාරදුන්නා. පසුව විමල් නමැති සේවකයකු අත තවත් චෙක්පත් වගයක් යැව්වා. ඊට අමතරව පොරොන්දු නෝට්ටු කිහිපයකටද මා අත්සන් කර දුන්නා. එම පොරොන්දු නෝට්ටු ලිව්වේ මා ඉදිරිපිටදී නෙමේ. මා මගේ සේවකයකු වන මේජර් බිමල් සමඟ ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට ගිය අවස්ථාවේදී තමයි මගේ අත්සන ලබා ගත්තේ.

ඉන් පසුව තමයි මට මේ හඬපටයේ ආකාරයට තර්ජනය කරලා මුදල් ඉල්ලුවේ. එලෙස මුදල් ඉල්ලීමෙන් පැය කිහිපයකට පසු ප්‍රසන්න රණතුංග මහතා ඔහුගේ ආරක්‍ෂ නිලධාරීන් තිදෙනෙකු සමඟ මාගේ කාර්යාලයට ආවා. එම ආරක්‍ෂක නිලධාරීන්ගේ ඉනේ පිස්තෝල තියෙනවා මා දැක්කා. මාගේ කාර්යාලය තුළට පැමිණෙන ලෙස මා ඔහුට ආරාධනා කළත් ඔහු ඒ තුළට ආවේ නැහැ. පසුව මා ඔහුගේ වාහනය අසළට ගියා ඒ අවස්ථාවේදී ඔහු සල්ලි ඉල්ලා තර්ජනය කරමින් මට පරුෂ වචනයෙන් බැන්නා.

වැඩිදුර සාක්කි විභාගය ලබන 28 වැනිදා තෙක් කල් තබන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙශ්ඨ නීතීඥ සුහර්සි හේරත් මහත්මිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ මේරි ඩික්මන් මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

 



අදහස් (8)

ප්‍රසන්න රණතුංගේ හඬ පටයක් සාක්කි විභාගයට

ධනුෂ්ක Monday, 11 June 2018 03:19 PM

"මග හිටියොත් තෝ නසි ගෙදර ගියොත් අඹු නසි" එහෙම වැඩක් තමා දැන් රටේ ජනතාවට වන්න යන්නේ. මෙතුමන්ලට රට බාර දුන්නොත් නැවතත් මේවා සිද්ධ වෙයි. දැන් ඉන්න තුමන්ලාට දුන්නත් රට ඉවරයි. අපි කාටද ඊළඟ රට භාර දෙන්නේ

:       11       518

සතයපාල Monday, 11 June 2018 04:51 PM

මෙහෙම අය තමයි ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ගැනයි රට ජාතිය ආගම ගැනයි අද කිඹුල් කඳුළු හෙලන්නේ. මේගොල්ලෝ තව ටික කාළයක් රට පාලනය කලානම් රට සෝමාලියාවක් වෙනවා. රටේ තියන සියලු සම්පත් හා දේපොලවල හිමිකාරිත්වය පවුල් අතලොස්සකට හිමි වෙනවා. එහෙම උනා නම් රටේ බහුතරයකට බඩගින්නේ මැරෙන්න වෙන්නේ. කණගාටුවට කරුණ තමයි රටේ සමහරක් මේක තවම තේරුම් නොගෙන ආවඩන එකයී.

:       0       1

kamil Monday, 11 June 2018 04:57 PM

මේවා ලයිෂන් චණ්ඩින්ගේ... ලයිෂන් කප්පන්... නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ... රටට ගිය කලක් ...?

:       0       1

ruchi Monday, 11 June 2018 05:49 PM

ඇයි දෙයියනේ සීනුව තියෙන්නේ. දෙන්න එයාලට. ඉතිරිටිකත් කාලම දාන්න.

:       0       0

Chandana - Australia Monday, 11 June 2018 11:06 PM

මෙයාල මෙච්චර මහින්දටව බලයට ගෙන් හදන හේතුව මොලේ තියෙන මිනිස්සුන්ට තේරෙන්න ඕන

:       0       1

sirimal Monday, 11 June 2018 11:13 PM

එකේ තියෙන කුණුහරුප අයිකරලද අහන්න දුන්නේ?

:       0       1

Chanak Los angeles Monday, 11 June 2018 11:26 PM

අනේ පව් මොවුන්ට සුදුහුණු ගාන අපේ රටේ අනුවන ජනතාවට ..

:       0       2

Ajith NissankaWednesday, 13 June 2018 02:50 AM

අනේ එහෙම කියන්න එපා! අපේ ජාති මාමක ඇමෙරිකානු පුරවැසි ගෝඨාභය මහත්තය ජනාධිපති කරන්න වෙහෙසෙන දේශප්‍රේමීන්ට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31143 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13281 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site