IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ප්‍රංශයේ ජනපති තනතුරට මැක්රෝන් පත්වෙයි

අන්ත දක්ෂිණාංශික මරීන් ල පෙන් පරාජයට පත් කරමින් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් තීරණාත්මක ජයක් ලැබීමට මධ්‍යස්ථ මතධාරි ඉමැනුවෙල් මැක්රෝන් සමත්විය.

සමස්ත ප්‍රකාශිත ඡන්දවලින් සියයට 66.06ක ප්‍රතිශතයක් දිනාගනිමින් 39 හැවිරිදි මැක්රෝන් ප්‍රංශයේ ජනාධිපතිධුරයට පත් ළාබලතම පුද්ගලයා බවට පත්විය. මරීන් ල පෙන්ට හිමි වූ ඡන්ද ප්‍රතිශතය සියයට 33.94ක් විය. වසර 1958 දී නූතන ප්‍රංශ ජනරජය ගොඩනැගීමෙන් ප්‍රධාන පක්ෂ දෙකෙන් පිටස්තර අයකු ජනාධිපතිධුරයට පත්වූ පළමු අවස්ථාව ද මෙය විය.

''අපි ප්‍රංශ ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළනවා. විශ්වාසයත් බලාපොරොත්තුවක් අලුත් කරන නව පිටුවක් වේවා. වියරුව, උද්වේගය හා සැකය ප්‍රංශය තුළ පැතිර යන බව අපට අසන්නට ලැබුණා. බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. අද ප්‍රංශය තුළ බෙදීමක් ඇතිවෙලා. මේ බෙදීම නවත්වන්න අපි කටයුතු කරනවා. බෙදී වෙන්ව යනවාට වඩා අපි එක්ව සටන් කිරීම ආරම්භ කරනවා. මම පස්වසරම බලයේ සිටිනවා. මම ජාතියේ එක්සත් බව පොරොන්දු වෙනවා. අපි යුරෝපය ආරක්ෂා කරමු. යුරෝපය වෙනුවෙන් සටන් කරමු. අද දිනයේදී ඔබ ජයග්‍රහණය කළා. ප්‍රංශය ජයග්‍රහණය කළා. බොහෝ අය අපට දිනන්න බැහැ කිව්වා. ඔවුන් ප්‍රංශය ගැන දැනගෙන හිටියේ නැහැ" යනුවෙන් ජයග්‍රහණයෙන් පසු පාක්ෂිකයන් අමතමින් මැක්රෝන් කීවේය. මැක්රෝන්ගේ පාක්ෂිකයෝ දහස් ගණනින් වීදි බැස තම නායකයාගේ ජයග්‍රහණය සැමරූහ.

"රට හමුවේ තිබෙන අභියෝග ඉතා විශාලයි. අපට කරන්නට තිබෙන දේ අතිවිශාලයි. අපට ශක්තිය තිබෙනවා. අපට ධෛර්යයත් කැමැත්තත් තිබෙනවා. අපි කිසිදු අවස්ථාවක බියට පත් නොවිය යුතුයි. අපි ඉදිරියේදී අන්තවාදයට ඡන්දය දීමට අවස්ථාවක් තබන්නේ නැහැත අපි අනාගතයේදී ප්‍රංශයේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා" යැයි ද මැක්රෝන් කීවේය.

ප්‍රංශයේ අගනුවරට තවදුරටත් දැඩි ආරක්ෂාවක් සැපයීමට එරට බලධාරීන් කටයුතු කර තිබූ අතර මනිල්මොන්ටන් නගරයේ පැවැති ධනවාදී විරෝධි රැලියකට සහභාගී වූහ සිය ගණනක් සහභාගි වූ විරෝධතාවකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

ජනපතිවරණ පරාජයෙන් පසු තමාට ඡන්දය දුන් මිලියන 11කට ජනතාවට ස්තූති කිරීමට මරීන් ල පෙන් කටයුතු කළාය.

"මේ ජනාධිපතිවරණය දේශප්‍රේමීන් සහ ගෝලීයවාදීන් අතර පැවැති ජනාධිපතිවරණයක්. අද බෙදීමක් ඇතිවෙලා. නව දේශපාලන බලවේගයක් අවශ්‍යයි. අපි අපේ ව්‍යාපාරයේ වෙනස්කම් කිහිපයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ මහ මැතිවරණයේදී ඊට නායකත්වය දෙනවා. මැක්රෝන්ට මා සුබපතනවා. ඔහු හමුවේ අභියෝග රැසක් තිබෙනවා. එම අභියෝගවලට මුහුණ දෙන්න හැකිවේවි යැයි මම සුබපතනවා" යැයි ද මරීන් ල පෙන් කීවාය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල්, බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ඇතුළු ලෝක නායකයෝ රැසක් ද ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් ඉමැනුවෙල් මැක්රෝන් ට සුබපැතුම් එක් කළහ.

ඒ.එෆ්.පී/රොයිටර් - 055

 



අදහස් (4)

ප්‍රංශයේ ජනපති තනතුරට මැක්රෝන් පත්වෙයි

රජින්ද Monday, 08 May 2017 06:29 AM

සුභවාදීව දකිමු..!! ඒත් මට මතකයි ප්‍රන්ෂුවා ඕලන්දේ 2012දී බලයට පත් වුණ වෙලාවෙත් කිව්වේ ඔය ටික... හැබැයි ඔයිට වඩා ටිකක් වෙනස්වම තමා.... කොටින්ම එයා බලයට පත් වුණ දාට පස්සේ ආපු ඉරිදා දවසෙත් වැඩ කටයුතු බාර ගත්තා. ඒත් ප්‍රංශය තවත් එතනමයි.

:       0       2

Hafeel Monday, 08 May 2017 08:57 AM

මේක හොඳ ආදර්ශයක්. ලංකාවෙත් ජනතා විමුක්ති පෙරමුණ බලය එන්න වැඩි අෑතක නැහැ.

:       743       317

ජයරත්න Monday, 08 May 2017 09:03 AM

අන්තවාදයට යට නොවූ ප්‍රංශ ජනතාවට අපේ උත්තමාචාරය.!!!

:       28       21

ranavi Monday, 08 May 2017 09:19 AM

දැන් ඉතින් තව කාලයක් නේවාසික බලපත් නැති ශ්‍රී ලාංකිකයන්ට සහන කාලයක් උදාවනු ඇත.. බැරි වෙලාවත් මේ ජනපතිවරණයෙන් පැරදුණු අපේක්ෂිකාව ජයග්‍රණය කළේ නම් ප්‍රංශය තුල රැකියා කරන විදේශික ශ්‍රමිකයන්ට දරදඬු නීති පැනවීමට ඉඩ තිබිණ. ප්‍රංශය තුල රැකියා විරහිත පවුල් සඳහා දෙන නොයෙකුත් ආධාර රටේ නැති ලෙඩ කියමින්, බොරු බේගල් කියා දරුවන් පෝෂණය කර හොරෙන් රැකියා කරන අයට සහ මේ රටට නොයෙකුත් මාර්ග වලින් මිනිස්සු ගෙන්නන සමාජයේ කැපී පෙනෙන්න දඟලන විසබීජ වලටත් දඬුවම් දීම අනිවාර්යයි.. සමාජ නීති විරෝධී ක්‍රියාවන් නැවත්වීම ප්‍රංශ ජනතාවගේ එකම බලාපොරොත්තුවයි..

:       4       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1536 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1350 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 488 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site