ඔහු අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ අතර ජනප‍්‍රිය ගායක සහ සංගීතවේදී කසුන් කල්හාරගේ පියාණන්ද විය.ඔහුට සහ මාලනී බුලත්සිංහල මහත්මියට නිර්මාණි නමින් දියණියක ද සිටි අතර ඇය කුඩා කලදීම ඩෙංගු රෝගය වැළඳීමෙන් මිය ගියාය. සිංහල සංගීත ක්ෂේත්‍රයේ වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් කළ එච්.එම් ජයවර්ධනයන් ගීත විශාල ප‍්‍රමාණයක් සිය සංගීතයෙන් හැඩ කළේය.
ඔහුගේ නිර්මාණශීලීගී තනු නිසා, දක්ෂ ගායක ගායිකාවන් ලෙස ඉදිරියට පැමිණි අය ද බොහෝය. එසේම ප‍්‍රවීණ ගායක ගායිකාවන්ගේ සංගීත දිවිය, එච්.එම්. ජයවර්ධනයන්ගේ ගී තනු නිසා බැබැලූණු අවස්ථා ද බොහෝය. පණ්ඩිත් අමරදේවයන්ගේ සිට වත්මන් නවක ගායක ගායිකාවන්ට පවා ගී තනු නිර්මාණය කර ඇති එච්.එම්. ජයවර්ධනයන් නිර්මාණය කර ඇති ගී තනු සංඛ්‍යාව දහසකට ආසන්න බව කියැවේ.
පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් ගැයූ ‘සඳ තරු නිහඬයි’, විශාරද නන්දා මාලිනිය ගැයූ ‘ඔබයි රම්‍ය සඳකිරණ‘, ‘මා හඬනා කඳුළු ගලා‘, ‘පූජාසනයේ ඔබ හි`දුවා’, ‘පෙම් ලොවදී දුටු ඔහුම ද මේ’, ‘ප්‍රේමය නම්‘, ‘කඩමණ්ඩියේ දොල අයිනේ’, ‘නවාතැන්පල ඔබයි ඔබගේ සිනාවයි’, ‘ විලක් උනත් නිල් දිය පිරි’, ‘ පිළිම නෙලා නැති විරුවන්’, සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ‘ඉස්සර මං ගිය පාසල ඇරිලා’, ‘මිනිසෙකු පිට නැගි අසරුවෙකි’, ‘සයුරක් නොදුටු ගඟුලක්’, ‘නුඹේ සිතට පුන්සඳ පායලා වගේ’, ‘දෙවොලේ නොකැළැල්’, විශාරද මාලනී බුලත්සිංහල ශිල්පිනිය ගැයූ ‘හිමි සණරාමර ලෝක සිවංකර’, ‘ප්‍රේමයේ විල්තෙරේ’, ‘අහසින් තරුවක් කඩා වැටෙනවා’, ‘පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්’, ‘සැන්දෑ අහස වගේ සැරසී’, ‘මා එක්කලා අමනාපව’, ‘වසන් කරන්නට බෑ මගෙ සිත අද’, ‘මළ පොතේ අකුරු’, ‘ඔබට මා ආදරය කළ බව මෙතරම්’, ‘සෙනෙහස ඉල්ලා ලිය තඹරා ළඟ’, ‘කන්ද කෙන්ද කරනු පිණිස’, විශාරද ගුණදාස කපුගේ ගැයූ ‘සීතල පිනි බිංඳු බිංඳු’, විශාරද අමරසිරි පීරිස් ගැයූ ‘ඇය යන්න ගියා මැකිලා’, විශාරද එඞ්වඞ් ජයකොඩි ගැයූ ‘බණ කියන රටක්’ ආදී ගීත රැුසකට සංගීතය නිර්මාණය කළේ ඔහු විසිනි.
ටී.එම් ජයරත්නයන් ගැයූ ‘සියක් ආයු ලැබ’, ‘මේ පුංචි රටේ’, ‘රත්තරන් නෙත් දෙකින්’, කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියාගේ ‘දුරු කතර ගෙවාගෙන මම නොකියම ආවට’, ‘මාල ගිරවියේ’, ‘සඟවන්න එපා හසරැුල්’, විශාරද මාලනී බුලත්සිංහල සම`ග බණ්ඩාර අතාවුද ගැයූ ‘කොහේ යන්නෙද කොහේ ඉන්නෙද’, බණ්ඩාර අතාවුද ගැයූ ‘ඔබ ඈත සද වී පායා’, ජානක වික‍්‍රමසිංහ ගැයූ ‘බාලිකාවියන් තක්සලා දොරින්’, ‘කිරුළ මුතු ලිහී’, ක‍්‍රිෂාන්ත එරන්දක ගයන ‘වී පැදුරෙන් ඉගිලී යන’, රොහාන් ශාන්ත බුලේගොඩ ගයන ‘සඳක් නම් බැස යන්න තිබුණා’ ආදී ගීතයන් ද ඔහුගේ සංගීතයෙන් හැඩවූ ගීත ගොන්න අතර තිබේ.
එච්.එම්. ජයවර්ධනයන් කැලෑමල්, ආරාධනා (රෝහණ වීරසිංහයන් සමඟ*, මුහුදු ලිහිණි, ඇතුළු චිත‍්‍රපට කිහිපයකට ද සංගීතය නිර්මාණය කර ඇත.
‘මුහුදු ලිහිණි‘ චිත්රධපටය සඳහා ඔහු නිර්මාණය කළ සංගීතය වෙනුවෙන්, ‘ජනාධිපති සම්මානය’ ඔහුට හිමිවූ නමුත් ඔහු එම සම්මානය ප‍්‍රතික්ෂේප කළේ ‘තුන්වැනි යාමය‘ විත‍්‍රපටය වෙනුවෙන් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් නිර්මාණය කළ සංගීතය, තම නිර්මාණට වඩා උසස් බව කියමිනි.
එච්.එම් ජයවර්ධනයන්ගේ දේහය බොරැුල්ල මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බදාදා පස්වරු 3.00 ට බොරැුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය

COMMENTS
තවත් වටිනා කලාකරුවෙක්. ඔහුගේ වටිනාකම ඔහුවත් දැනගෙන හිටියේ නැහැ.
""මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා "..විසල් නුග රුකක් සේ බොහෝ ශිල්පීන්ට සෙවන සදා දුන් නිහඩ කලා කරුවානනි. ඔබට සුබ ගමන්!!! ඔබ ඈත සද වි පායන්න... අප මෑත තරුවක් වී ඉන්නම්...
ආරාධනා චිත්‍රපටයේ සංගීතයේ අපූර්වත්වය මෙතුමා කවරෙක්ද යන්න අපට පවසයි. සියඹලාණ්ඩුවේ ගැමිකම අත්නොහැරිය මෙතුමා කිසිවිටකත් ජනප්‍රියත්වය පසුපස හඹා නොගිය නමුත් ඔහුගේ නිර්මාණ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැග්ගේ ඔහුටත් නොදන්වාය. වර්තමානයේ මාස්ටර්ලා සහ ප්‍රවීනයන් යැයි කියාගත් සමහර ආත්මාර්ථකාමී ගායකයන් අටවාගෙන ඇති තවත් නවකයෙකුට අත නොදෙන කල්ලිවාදයෙන් පිටපැන්න මොහු බොහෝ නවකයන්ට අතහිත දුන්නේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොබලාය. මුදලට වඩා යහපත් නිර්මානයක බිහිවීම අගය කල මොහුගේ ගාස්තුව පවා ගෙවීමට සමහර කළා ශිල්පීන් මොහු සොයා සියඹලාණ්ඩුව ගිය බව මා අසා ඇත. මෙතුමා අද අප අතහැර ගියත් ඔහු යන්නේ කසුන් කල්හාර නමැති ජාතික වස්තුවක් ලංකාවට උරුම කරමින්ය. ඔබතුමාට නිවන්සුව ලැබේවා!
එච්.එම්. ජයවර්ධනයන්ගෙන් සිංහල සංගීතයට සිදුවූ අපමණ සේවය අගයමු. නිවන් සුවය ඔබට නොපතමි. නැවත ගාන්ධර්වයෙකු වී අප අතරට එන්න.
මගේ ප්‍රණාමය!
ඉතාම කණගාටුදායක ආරංචියක්. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු...
සිංහල සංගීතය ඔපවත් කරමින් එයට පණදුන් නිහඬ සේවයක් කළ මහා කලාකරුවණෙනි. නිවන් දැකුමට පෙර තව එක්වරක් අප ලක්බිමේ ඉපිද දැන් කඩා වැටී ඇති සිංහල සංගීතය යලි පුබුදුවනු මැනවි. ඔබට සුබ ගමන් !
ඔබතුමාට අජරාමර නිවන් සුව... මහා කලාකරුවාණෙනි!!!
මියුරු සංගීත රැසකට නිර්මාණශීලී දායකත්වයක් දැක්වූ ඔහු ඉපදුනේ ඈත පිටිසර ගම් ප්‍රදේශයක..... දුෂ්කර ගමක සිට කොළඹට ඇවිත් මාලනී බුලත් සිංහලට ශක්තියක් වූවා.... අද ඒ සියල්ලනේ සමුගෙන යන ඔබට නිවන් සුව ලැබේවා..
මෙවැනි අග්‍රගන්‍ය නිර්මාණකරුවෙක් රටක් හැටියට අප රැකබලාගත් හැටි ගැන පුදුම කණගාටුවක් ඇතිවෙනවා. ඔබතුමාට ස්තූතියි. නිවන් සුව පතමි..!
ඔහුගෙන් ගී තනු සංගීතය ලැබ ගෙන ඉදිරියට ගිය ගායක ගායිකවනි, ඔහුගේ අවසාන කාලයේ ඔබ ඔහු ගැන සාමුහිකව සොයා බලා උදවු උපකාර කළෝද?
රෝහණ වීරසිංහ මහත්තයත් නැති කාලෙක අපිට ඉතින් පරණ සිංදු ටික නැවත නැවත අසමින් තමයි ඉන්න වෙන්නෙ. අපේ කන් පින වූ ඔබතුමන්ට ස්තූතියි..! සුබ ගමන්..!
කව්රු මොනවා කිව්වත් මෙතුමා සංගීතවත් කර ඇති මෙහි සඳහන් ගීත පමණක් ගත්තත් මෙතුමාගේ පුතාට තවමත් ඔහුගේ තාත්තගේ නිර්මාණශීලී ගී තනුවලට ළංවෙන්නවත් බැහැ.
නිවන් සුව ලැබේවා ගාන්ධර්වයාණනි ඔබට..!
මාලනී බුලත්සිංහලගේ අභාවයෙන් පසු මෙතුමා ගතකලේ ඉතා දුක්බර ජීවිතයක්. හරි රැකවරණයක් නොලැබෙන බව එතුමා විසින්ම වරක් පුවත් පතකට ප්‍රකාශ කර තිබුණා. නිවන් සුව ලැබේවා!!!
ඔබට නිවන් සුව අත්වේවා! ඔබ වැනි සංගීතඥයින් නැවත මේ රටේ බිහිවෙයිද?
මේ නිහඬ උතුම් මිනිසාට නිවන් සුවය ලැබේවා
ලංකාවේ අමරණීය ගීත රැසකම තනු නිර්මාණය කල අමරණීය කලාකරුවෙක්. නලාකාරයන් වගේ දේශපාලකයන් පස්සේ ගිය නැති නිසා අසරණ විදියට ජීවිතයෙන් සමුගන්න වුනා.
ඉතාම නිහඬ අපූර්ව චරිතයක් - පද වැලකට අවශ්‍ය තනුව හඳුනාගන්න ඉවක් 75 දශකයේ අග දී විතර සියඹලා ආණ්ඩුවේ, කැලේ ලී ඉරපු, සිරිගල හන්දියේ රස්තියාදු ගහපු මේ මිනිසාට පුළුවන්කමක් තිබුණ . ගුවන් විදුලියට ආවම ඒ කාලේ හිටපු ප්‍රවීන සංගීතඥයෙක් මේ මනුස්සයව කපල සත් සමුදුරෙන් එපිටට තල්ලුකරන්න උත්සාහ කරා නමුත් අමරදේව තුමා මේ මනුස්සයට අත දුන්න . ඊට පස්සෙත් මෙතුමා ජනප්‍රිය උනා තමයි නමුත් ජීවිතය ඒ තරම් සොඳුරු උනේ නැහැ . දියණිය ඩෙංගු හැදිලා අකාලයේ මලා , මාලිනී අහිමි උනා ඊට පස්සේ මේ මනුස්සයට උන දේ කව්රුත් දන්නවා හව් හරණක් නැතිව වගේ හිටියේ . නමුත් මේ මරණෙන් එක පාඩමක් ගන්න ඕන මෙතුමා වරද්දගත්පු තැනක් තමයි තමන්ගේ අසනීපයට නිසි ප්‍රතිකාරය නොගැනීම බොරුවට ප්‍රචාර දෙන "ඊනියා සිංහල " වෙද්දු පස්සේ නොගියානම් මෙතුමාට තව කලක් ඉන්න තිබුණ