(මනෝප්‍රිය ගුණසේකර)
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් පර්ල් කේ. විරසිංහ මහත්මියට එරෙහිව නිකුත් කර තිබු වරෙන්තුව ආපසු කැඳවනු ලැබු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (12) දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඇයට නියම කළේය.
නීතීඥයකු මාර්ගයෙන් ඇය අද අධිකරණයට බාරවුවාය.
තම සේවාදායිකාව අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම්වරිය පමණක් බවත් එම කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඇයට හැකියාවක් නොමැති බවත් කියමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත්‍ර නොමැති අලි පස්දෙනෙකු ලඟ තබා ගත් බවට චෝදනා කරමින් නීතීපතිවරයා පවරා ඇති නඩුවට අදාළව පොලිස් නිලධාරීන් විසින් තබන ලද සටහන් අඩංගු පොලිස් උධෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මුල් අවස්ථාවේදී අදාළ කොමිසමේ ලේකම්වරියට නියම කරනු ලැබුවත් ඇය ඒ අනුව කටයුතු නොකිරීම නිසා ඇය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබීය.
අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තතුව ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පෙරේදා (10) මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කොමිසමක් පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කොමසාරිස්වරුන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය මෙන්ම රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට ඇති නොහැකියාව දැඩි ලෙස විවේචනය කෙරිණි.
රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නොහැකිවීම බරපතළ ගැටලුවක් බවත් මෙවැනි නිලධාරීනියක් අත්අඩංගුවට ගැනීමට නොහැකි නම් පොලිස්පතිවරයා බරපතළ අපරාධ සහ ත්‍රස්තවාදී කටයුතු මැඩ පවත්වන්නේ කෙසේද යන ප්‍රශ්නයක් මතු වන බවත් අවධාරණය කළ විනිසුරු මඩුල්ලේ සභාපති විකුම් කළු ආරච්චි මහතා කොමිසමේ ලේකම්වරිය ලබන 12 වැනිදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියම කරමින් දෙවැනි වරටත් වරෙන්තු නිකුත් කළ අතර 12 වැනිදාට පෙර විරසිංහ මහත්මිය අත්අඩංගුවට ගැනීමට නොහැකි වූවොත් ඒ පිළිබඳව පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිට පොලිස්පතිවරයා කරුණු දැක්විය යුතු බවටද නියම කර තිබිණි.
එලෙස නියම වී තිබියදී ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් පර්ල් කේ. විරසිංහ මහත්මිය නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා මාර්ගයෙන් අධිකරණයට බාරවුවාය.
ඇය එලෙස බාරවුයේ වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත්‍ර නොමැති අලි පස්දෙනෙකු ලඟ තබා ගත් බවට චෝදනා කරමින් නීතීපතිවරයා පවරා ඇති නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි (සභාපති) ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවටය.
2014 ජුලි මසයත් 2015 අගොස්තු මාසයත් අතර කාලයේ මහරගම, ඇරව්වල, නාවල, බත්තරමුල්ල හා ඔරුවල යන ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් අය සමඟ එක්ව සොරකම් කළ අලි බව දනිමින් වංචනිකව එම අලි ජාවාරම් කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව අලි ජාවාරම් කිරීම, එම අලි නීතීවීරෝධී අන්දමින් ලඟ තබාගැනීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ අධි චෝදනා 33ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පැවරා ඇත.
අලි ජාවාරම්කරුවකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රෝෂාන් නමැත්තාට අමතරව වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි, වන ජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණී එච්. ප්‍රියංකා සංජීවනී, සමරප්පුලි හේවගේ උචිත නිශාන් ධම්මික, කඩුපිටියගේ චන්දන කුමාර, සෂික චානුක ගම්ලත්, පලිහපිටිය ගමගේ ජයලත්, රණසිංහලාගේ දමිත් චතුරංග යන වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් අට දෙනෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.
රටේ වන අලි සම්පත විනාශයට ලක් කළ මෙම ජාවාරම හේතූවෙන් සාමාජීය වශ්‍යයෙන් කැළබීමක් සිදු වුහෙයින් මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම යෝග්‍ය බව සඳහන් කරමින් ඒ සඳහා අවසර දෙන්නැයි නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුව විභාග කිරීම සඳහා මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කෙරිණි.
නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කොට තිබු මෝසමකට අනුව මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පර්ල් කේ. වීරසිංහ මහත්මිය අධිකරණයට බාරවුවාය.
නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා පර්ල් කේ. වීරසිංහ මහත්මිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායිකාව අදාළ කොමිසමේ ලේකම්වරිය පමණක් බවත් කොමිසමේ ඉහළ නිලධාරීන්ගේ නියෝග මත කටයුතු කිරීමට ඇයට සිදුවී ඇති බවත් කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් තනි තීරණයක් ගැනීමට තම සේවාදායිකාවට හැකියාවක් නැති බවත් පැවසීය.
මෙම නඩුවට අදාළව කොමිසමේ ඇති ලේඛණ අධිකරණයට බාරදෙන ලෙස කළ නියෝගය පිළිබඳව තම සේවාදායිකාව කොමිසමේ ඉහළ නිලධාරීන් දැනුවත් කළ බවත් ඔවුන්ගේ නියෝග හා උපදෙස් මත තම සේවාදායිකාව කටයුතු කළ බවත් දැනුම් දුන් නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා කෙසේ නමුත් මෙම නඩුවට අදාළව කොමිසමේ ඇති ලේඛණ අධිකරණයට බාරදීමට හැකියැයි පැවසීය.
මේ තත්වය මත තම සේවාදායිකාව අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කරන ලෙස නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පර්ල් වීරසිංහ මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් නිකුත් කොට තිබු වරෙන්තුව ආපසු කැඳවු විනිසුරු මඩුල්ල මෙම නඩුවට අදාළව කොමිසමේ ඇති ලේඛනද සමඟ අද (12) දින අධිකරණයට පැමිණෙන ලෙස ඇයට නියම කළේය.
ඡායාරූපය ළහිරු හර්ෂණ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පර්ල් වීරසිංහගේ වරෙන්තුව ආපසු කැඳවයි
don kuru Wednesday, 11 March 2020 02:20 PM
ලොකු ලොක්කන්ගේ කඹ ඇදිලි නිසා අවංක රජයේ සේවකයින්ට වන්දි ගෙවන්න සිදුවෙනවා. මොන ආණ්ඩුව අාවත් මේක තමයි සත්‍ය...
Nimal Wednesday, 11 March 2020 04:14 PM
සැබවින්ම ඇය අවංක රජයේ නිලධාරිනියක්... මහජන සේවය අවංකව ඉටුකළ රජයේ නිලධාරිනියක් වසර ගණනාවක් ඇය හිටපු කම්කරු කොමසාරිස් ජෙනරාල් තුමියයි. එවැනි අවංක රජයේ නිලධාරිනියකට සිදුවූ මේ තත්වය ගැන අපි කණගාටු වෙමු.
ලුම්බිණි Wednesday, 11 March 2020 11:49 PM
මෙයා අවංක රජයේ සේවකයෙක් ?
S.Denesh-Delgasgoda. Thursday, 12 March 2020 12:44 AM
මා දන්නා පරිදි ඇය පරිපාලන සේවයේ කොමසාරිස් ජනරාල් ධුරය හා අමාත්‍යාංශ ලේකම් ධුරය හෙබවූ අවංක රාජ්‍ය නිලධාරිනියක් රජයේ නිතී හා රෙගුලාසි අනුව ඇය සේවය කලා.