සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමෙන් පසුව අහෝසි වුණු කෝප් ඇතුළු පාර්ලිමේන්තු කමිටු 15ක පමණ තවමත් අලුත් සමාජිකයන් පත් නොකිරීම නිසා ඒවායේ කටයුතු මේ වන විට සම්පුර්ණයෙන්ම අඩපණ වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව , රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව , ගෘහ කාරක සභාව , වරප්‍රසාද හා ආචාර ධර්ම පිළිබඳ කාරක සභාව , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාව , මහජන මුල්‍ය කටයුතු පිළිබඳ කාරක සභාව සහ පෙත්සම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමෙන් පසුව අහෝසි වුණු කමිටු බව පාර්ලිමේන්තු නිලධාරියෙක් ලංකාදිපයට පැවසීය.
මේ කමිටු බල ගැන්වීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කළ බවත් තේරීම් කාරක සභාව දේශපාලන පක්ෂ වලින් නාම යෝජනා ලබා ගෙන ඒවා අනුමත කළ පසුව ඒ කමිටුවල වැඩ පටන් ගත හැකිවන බවත් ඒ නිලධාරියා කීවේය.
කෙසේ වෙතත් මේ කටයුතු අවසන් කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන ඡන්දෙන් පස්සේ පත් කරන්න බැරියැ. එස්සෙල්ල පක්ෂේ දිනවල ඉන්න එපායැ.
පිට පොට ගහලා ලැහැස්ති වෙනකොට පෙරහැර ගිහින් .
බොරු කමිටු . ඕවා තිබිල පොදු මහජනයාට උන සෙත? බඩ තරකරගැනීමේ විවිධ ක්‍රම. ඔය කියන එකම කොමිටුවකවත් ස්වේච්චාවෙන් එක්කෙනෙක්වත් සේවය කරනවාද? හැබැයි ඔක්කොම කියන්නේ මහජනයාට සේවය කරන්න යනවා කියල. කොමිටු පවත්වාගෙන යාමට යන වියදම. අපේම සාක්කුවෙන් තමා.