(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරය විවෘත කිරීමේ උත්සවය පිළිබඳ ත්‍රිවිධ හමුදාවේ විශේෂ පෙරහුරුවක් ලබන 06 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් 27 වැනිදා පෙරවරුවේ පැවැති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේද පාර්ලිමේන්තුවේ සියලු අංශවලද ප්‍රධානීහු මේ රැස්වීමට සහභාගී වුහ.
පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ සිටින විදේශිය තානිපතිවරුන්ටද ආරාධනා කර තිබෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේය.
උත්සවය සඳහා ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ දහසකට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය
COMMENTS
අ...... ඒක "හොදා "...... අඩුතරමින් "අම්බරුවන්ට පිළිවලට තප්පුලන්නවත්" කියලාදෙන ඒක හොදා.....
මේකට පිරිවැය කෝ? මේ රටේ මිනිසුන්ගේ බදු සල්ලි වලට කිසිම වටිනාකමක් නැති තත්වෙට පත්වෙලා. මේ මජර මෝඝ දේශපාලකයෝ මේ ජාතභූමියෙන් කවදා තොලොන්චි වෙයිද?