(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ කාරක සභා කාර්යාලවල පුටු මේස 200ක් පමණ එම ස්ථාන වලින් ඉවත් කර ඉහළ මහල් වලට රැගෙන ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ ඉවත් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ අංක 1 හා 2 යන කාරක සභා රැස්වීම් කාර්යාලයන්හි පුටු මේසය.
අප මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බාරව කටයුතු කරන වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ මෙම කාරක සභා කාර්යාල පාර්ලිමේන්තුවේ අනෙක් ස්ථාන වලට සාපේක්ෂව තරමක් පහළින් පිහිටා ඇති හෙයින් යම් හෙයකින් ජලය පැමිණියහොත් ඉන් මෙම පුටු මේස ආරක්ෂා කර ගැනීම සඳහා මෙසේ ඉවත් කළ බවයි.
පාර්ලිමේන්තුව අවට දියවන්නා ඔයේ ජලය මේ වන විට තරමක් බැස ගොස් ඇති හෙයින් පාර්ලිමේන්තු සංකීර්ණය යටවීමේ තර්ජනය මේ වන විට පහව ගොස් ඇතැයි වේත්‍රධාරීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදහටම ඕවා නැවත නොතිබ්බත් කමක් නැහැ. ඔතන පහසුකම් තියන තරමටම ජනතා මුදල් නිකරුනේ කාදමනවා. ජනතා හිත සුව පිණිස කිසිම වැඩක් කරන්නේ නැති පාලු සොහොනක්.
විශාල කොමිස් කුට්ටියක් අරගෙන අලුත් පුටු ගෙනෙල්ලා. මහ දෙන්නා රට සවාරියේ.
පාර්ලිමේන්තුවම අයින් කලත් අපිට කමක් නැත.
අපරාදේ යටවෙන්න තිබුනේ. එතකොටවත් අහිංසක මිනිස්සු විදින දුක ටිකක් තේරෙන්න.
මම හිතුවා අර රු. ලක්ෂ හයහමාරේ පුටු අලුතින් දාන්න බව.