(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු සංකීර්ණයට අයත් ආරක්‍ෂක ගොඩනැගිලි නව තාක්‍ෂණ පහසුකම් සහිතව ප‍්‍රතිසංස්කරණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස පිවිසුමේ පිහිටි ජයන්තිපුර ආරක්‍ෂක ගොඩනැගිල්ල සහ පිටුපස පිහිටි පින්නියර ආරක්‍ෂක ගොඩනැගිල්ල ආරක්‍ෂාව හා මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය නව තාක්‍ෂණික පහසුකම් සහිතව වැඩිදියුණු කිරීමට නියමිත බව සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම ආරක්ෂාව තර කරන්න ඕනෑ. මොකද ඕක භාවිතා කරන අය අතර කම්බ හොරුත් ඉන්නවනේ. කටු ගෙයිගෙයි කඩුවට වැඩක් දුන්න සෙට් එකට පාර්ලිමේන්තූව මොකක්ද?
ඔව් ඉතින් රටේ දැවෙන ප්‍රශ්නනේ.. අපිට කන්න බොන්න නැති වුණත් අපේ මැතිඇමැති උතුමන්ලාව ආරක්ෂා කරගන්න එපැයි..
බොලේ හැබෑට "ගැරඬින්ව, හිකනැල්ලන්ව, ලේ මාපිලන්ව " හොරු අරගෙන යනවද? ඔච්චර ආරක්ෂාවක් දෙන්න.
ඔව් ඔව් ඉක්මනට ඔය තර කරන්න ඕනෑ ඔක්කොම තර කරන්න. මොකද මේ දවස්වල හරක් හොරු රටේ හැම තැනම ඉන්නවා. ඒ හොරු හරිම කැමතියි කිලෝ 100 , කිලෝ 150 වගේ බර තියෙන " තරබාරු කාලකන්නි අම්බරුවන්ව " හොරෙන් අරගෙන යන්න. ඒ නිසා අපේ යුතුකම දියවන්නා ඔයේ රෑනම ආරක්ෂා කර ගැනීම.
ඔවු ඔවු එහෙම කරන්න ඕනේ අනිවාර්යයෙන්ම
මේක හොඳ අදහසක්. දැන් පාර්ලිමේන්තුව ඇතුලෙත් ත්‍රස්තයෝ වැඩ නේ !
ඔව් ඔව් රටේ ජනතාවගේ දියුණුවට ඇප කැප වී වැඩකරන මේ උත්තමයන්ට ඉහලම ආරක්ෂාවක් දෙන්න ඕනේ ..
ආරක්ෂා කරන්නම ඕනේ .