හර්ෂණ තුෂාර සිල්වා
පාර්ලිමේන්තුව මායිම් නොකරමින් පසුගිය දශකයක කාලයේදී විධායක ජනාධිපතිධුරය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම නිසා පිරිමැසිය නොහැකි පාඩුවක් සිදු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ පැවැසීය.
අරලිය ගහ මන්දිරයේ පැවැති ඩඩ්ලි සේනානානයක අනුස්මරණ දේශනයට එක්වෙමින් වික්‍රමසිංහ මහතා එසේ කීවේය.
විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කිරීම නිසා පාර්ලිමේන්තුව අගාධයකට වැටුණු බවත් රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීමෙන් පාර්ලිමේන්තුව බැහැර වූ බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.
“ජේ.ආර් ජයවර්ධන මහතා විධායක ජනාධිපතිධුරය හඳුන්වා දෙමින් ඒ සම්බන්ධයෙන් මහත් බලාපොරොත්තු තැබුවා. වෙස්ට්මින්ස්ටර් ක්‍රමවේදය යටතේ එහි මූලධර්ම ආරක්ෂා වෙමින් විධායක ජනාධිපතිධුරය පැවැතියා. එහෙත් කාලයක් යද්දි වෙස්ට්මින්ස්ටර් මූලධර්ම අමතක කර දැමුවා.
පසුගිය දශකයක කාලයේදී විධායක ජනාධිපතිධුරයට ශක්තිමත් කළා. පාර්ලිමේන්තු ගණන් ගත්තේ නැහැ. රාජ්‍ය මුදල් පිළිබඳ වගකිව්වේ නැහැ. පාර්ලිමේන්තුවට වගකිව්වේ නැහැ. ඒ නිසා අපි දැවැන්ත ණය උගුලක හිරවුණා. පාර්ලිමේන්තුවට කිසිදු ගෞරවයක් තිබුණේ නැහැ. ආණ්ඩුව පාර්ලිමේන්තුව පිළිබඳ කිසිදු සැලකිල්ලක් දැක්වුවේ නැහැ. මේ නිසා 2020 වනවිට අපට ගෙවන්න තිබෙන ණය කන්දරාවක රුපියල් ට්‍රිලියන 4.2ක්. රාජ්‍ය මූල්‍ය පාර්ලිමේන්තු පාලනයෙන් තොර වීම ඊට ප්‍රධාන හේතුවයි.
අගවිනුසුරුවරිය ඉවත් කළා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට වුණ දේ අපි දන්නවා. මේ සියල්ල අපි දන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කළ යුතුයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවට වග කියන ආණ්ඩු ස්ථාපිත කරන්නේ කොහොමද ? පාර්ලිමේන්තුවේ පාලනයට යටත් ආණ්ඩු ස්ථාපිත කරන්නේ කොහොමද ? මේ සම්බන්ධයෙන් යෝජනා තිබෙනවා. සාකච්ඡා පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් වාර්තා ඉදිරියේදී ඉදිරිපත් කෙරෙනවා. මේ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්විය යුතු” යැයි ද අගමැතිවරයා කීවේය.
(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)



COMMENTS
හා එතකොට දැං ඉන්න අයට තමන්ගේ යාලුවො දාලා මහ බැංකු මහ දවාලේ හොරකං කරන්න හොඳයිනේ.. අනේ යන්න..
පොත්ත කොච්චර ලස්සන වුනත් වැඩක් නැහැ අඹ ගෙඩිය ඇතුලේ පනුවෝ ඉන්නවනම් .ඒවගේ තමයි ව්‍යවස්ථාව කොහොම තිබුනත් වැඩක් නැහැ පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු නම්. කතා ඇති දැන් වැඩකරන්න රටේ ගොඩක් කොම්පැනි වැහිගෙන යන්නේ මෙයාලගේ පහුගිය අවුරුදු දෙකේ බහුබූත නිසා
ජනතාවට වග කියන පාර්ලිමේන්තු ක්‍රමයක් හදන්න, දැන් තියෙන්නේ විකෘති ජන මතයක්,මිනිස්සු චන්දෙන් පරද්දල එළියෙන් තියපු මිනිස්සු කැබිනට් ඇමතිල වෙලා දැන් ඉන්නේ
ඇවිල්ල ඉන්න කට්ටියගේ මූණු ටික දැක්කහම හිතාගන්න පුළුවන් රට ගෙනියන්න හදන පැත්ත...
හොද වැඩක්. වචනේ විදියටම කලොත් ,,,අර woxvagan කොම්පනියව වගේ නැතුව අගමැතිතුමා අපිට පොඩි උදව්වක් කරන්න ,,,,මේ ආණ්ඩුවේ නායකයෝ වැඩී නේද ,,,අපිට රජිතව ,,කිරිඅල්ලව ,,සුමනවීර බන්දුව ඉවත් කරලා ,, සයිටම් එක රජයට පවරා දොස්තරලා වෙන්න ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික පාරෙන් ඉවත් කරලා ,,අද්‍යාපනය නිදහසේ කරන්න ,,සැලැස්මක් ඉක්මනින් හදල දෙන්න බුදු SIR
අපි ප්‍රාර්ථනා කරමු මෙතුමාට කිසිසේත්ම ජනාධිපතිකම හෝ බලතල නොලැබේවා කියලා. දැනටමත් ඔහුගේ නායකත්වයට අබියෝග කලයි කියමින් බුද්ධික පතිරනගෙන් පලිගන්න එක, මහා බැංකු හොරුන්, දුෂිතයන් ආරක්ෂා කරන්නෙක හොඳම උදාරනයි.
ඩොලර් එක 130 ඉඳල 156 වෙනකන් වැඩි උන නිසා රාජ්‍ය ණය ගොඩක් වැඩි උනා වෙන්න ඇති. ඉන්දියාව ඇමෙරිකාව යාලුවෝ උනාට ආයෝජන ගෙන්න නැතුව ඇති. චීනය එක්ක තරහ වෙලා තිබ්බ ආයෝජනත් අඩු වෙන්න ඇති. මහා බැංකුවත් පොඩ්ඩක් විතර කන්න ඇති.. හැමදේම කරලා රටේ තියෙන දේවලුත් විකුණලා අන්තිමේට මොකුත් නැති උන දවසටත් කාට හරි බැන බැන ඉමු. ලංකාවනේ....
මොන ක්‍රමේ ගෙනාවත් ඔය ඉන්න ටිකමනේ ආයෙත් එන්නේ. ඔබතුමාට අදහස් නම් එමටයි. නමුත් වැඩේ කරන්නේ නැහැ. කරන්න දන්නේ නැතුවද නැතිනම් උවමනාවෙන් මගහරිනවද කියල හිතෙනවා. කොහොම වුණත් රටටත්, ජනතාවටත් දෙවියන්ගේම පිහිට තමයි.
ජනතාව තෝරපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන්නේ මොනවටද? වග කියන්න ඕනෑ ජනතාවට? පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතාව නම් කරපු නියෝජිතයෝ නෙමෙයි. පක්ෂ නායකයෝ නම් කරපු පිරිසක්. ඒ කට්ටිය එහෙයි කියන්නේ ජනතාවට නොවෙයි පක්ෂ නායකයින්ට. ජනතාව ඡන්දෙ දීලා තියෙන්නේ පක්ෂ වල ප්‍රතිපත්ති වලට. මේක කළොත් අන්තිමේ පක්ෂ නායකයින්ගේ මතයට නැමෙන ජනාධිපති වරයෙක් බිහිවෙනවා. ජනතාවට වගකියන ජනාධිපති තනතුර අහෝසි වෙනවා. ජනතාවට තියෙන අවසාන ප්‍රජාතන්ත්‍රවාදී උරුමයත් අහෝසි වෙනවා. මේවා ජනතා කැමැත්තෙන් බලයට එන්නට බැරි පක්ෂ නායකයන් ජනාධිපති වරයා පාලනය කරන්න දරන උප්පරවැට්ටි....
මාමල බෑනල මුලින් හිතුවා ඔක්කොම බලතල පවරාගෙන ජනතාව පාගාගෙන අනිකුත් පක්ෂ මර්ධනය කරගෙන රට යාවජීවව පාලනය කරන්න පුළුවනි කියලා.. විධායක බලතල සේරම පවරාගෙන ජනාධිපති කෙනෙක් වුනොත් කියලා. නමුත් ඒ බලතල පවරාගෙන සුද්දෝ එක්ක එකතුවෙලා ඉන්දියාවට ගහන්න ගිහින් වැඩේ බකල් වුණා. සුද්දෝ අපට කොකා පෙන්නලා අන්තිමේ ඉන්දියාව එක්කල එකතුවුණා. විසි අවුරුද්දක් පස්ස බිම ඇනිලත් තවම ජන්ම ගතිය ඇරිලා නැහැ. මේ පාර හදන්නේ ඒ ජනාධිපතිකමට මලට එන්න බැරිබව පෙනෙන නිසා මොන ක්‍රමයකින් හරි ඒ තනතුරේ බලතල අතට ගන්න. ඔය ඒකාධිපති වියරුව අත්හැරලා, යටිකුට්ටු වැඩ නතර කරලා, රටට වැඩක් කලානම් පහුගිය අවුරුදු දෙකේ, මේ වෙනකොටත් ජනතාව ගේ විශ්වාසය දිනාගෙන. කරුමේ කියන්නේ අර එංගලන්තේ හිටියා කියන රජකෙනෙක් කොයි තරම් සල්ලි බලය තිබුණත් කඩේකට ගිය ගමන් මොනවා හරි හොරෙන් අරන් එන්න බලනවා වගේ, ජය කණුවට යන මාර්ගය දැන දැනම, බොරුවළවල් තිබෙන පාරේම යන්න හදනවා. අන්තිමට ඉන්දියන් කාරයෝ සුද්දොත් එක්ක ජය මගුල් කනවා..