(මහනුවර විශේෂ චමිල් රුපසිංහ)
මධ්‍යම පලාත් ක්‍රීඩා කර්මාන්ත යෞවන හා වනිතා කටයුතු අමත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වු ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමග පළාත් සභාවේ ස්වාධිනව සිටිමට කටයුතු කරන බව ලංකාදීපයට පැවැසිය.
මේ සම්බන්දව ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රිවරුන් සමග සාකච්ඡා කර ඉදිරියේදි තිරණයක් ගන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රිවරුන්ගේ බහුතර මතය මෙය බවත් ඉදිරියේදි සියලු දෙනා සමගින් වැඩි මතය අනුව කටයුතු කරනු ලබන බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කර ගන්න හදන්නේ දීර්ඝ කාලයක් විපක්ෂේ ඉන්න වැඩක්. ඇමතිකම තියාගෙන තව ටික කාලයක් හිටියා නම් තවත් කීයක් හරි හොයාගෙන රජා වගේ ඉන්න තිබුණනේ.
හොරෙන් ගහපු ගේම දැන් එළිපිටම ගහන්න බැරියැ
කොඉ පැත්තේ හිටියත් මහජන යහපත සඳහා නොව තමතම යහපත වෙනුවෙන් නොවැ.
දැන්ම කියන්ඩ ඒකාබද්ද ආණ්ඩුවේ ඇමති ගණන. එකෙනාට වාහන කියාද.
රටේ ලොකු කුඩා සෑම ප්‍රශ්නයකදී පාරවල් හිර කරගෙන පෙළපාලි යමින්, වැඩ වර්ජන උද්ඝෝෂණ කිරීමට පෙළඹීම නිසා රටේ ආර්ථිකය අඩාල වෙමින් පවතී. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලේ රටේ මෙවැනි තත්වයක් දකින්නට නොලැබුණේ... ගෝඨාභය තිරය පසුපස සිට අයෝමය හස්තයකින් ආරක්ෂක අංශ මෙහෙයවීම මත, දැන් තිබෙන තත්වය පාලනය කිරීමට එවැනි කෙනෙකුගේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව පෙනේ. නමුත් මේ ඔක්කොම අවුල් වෙන්නේ... රටේ නායකයන් දෙදෙනා කෙලින් තීන්දු තීරණ නොගෙන "වැට උඩ" ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ය. එමනිසා ආණ්ඩුවේ දෙවෙනි පෙළ නායකයන් එකිනෙකා සමග කුලල් කා ගැනීම දක්වා ප්‍රශ්නය ඔඩු දුව ඇත. මහින්ද මහතාගේ කාලයේ හරි හෝ වැරදි තීරණ කඩිනමින් ගෙන ක්‍රියාත්මක කිරීම නිසා රටේ ආර්ථික වර්ධන වේගයට එතරම් බලපෑමක් නොවිය. "රැවුලත් කැඳත් " දෙකම බේරාගෙන රටවල් හෝ දේශපාලන පක්ෂ පාලනය කල නොහැක.
ඔව් ඉතින් තාත්තාගේ පුතා නේ...