IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ප්‍රමුඛතා මංතීරූ දෙවන අදියර බොරැල්ලේ සිට පිටකොටුව දක්වා

(නිමල කොඩිතුවක්කු)

වාහන තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ ක්‍රියාත්මක ප්‍රමුඛතා මන්තීරු ලබාදීමේ වැඩපිළිවෙළේ දෙවන අදියර  බොරැල්ල සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

ලබන 22 දා සිට බොරැල්ලේ සිට පිටකොටුව දක්වා ප්‍රමුඛතා මං තීරුව  ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රවාහන කළමණාකරන සහ විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ  මල්පාරේ ඛනිජ තෙල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද(17) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ප්‍රමුඛතා මංතීරු සැකසීමේ පළමු අදියර මොරටුව කුරුස හංදිය සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක කළ අතර ඒ තුළින් වාහන වල ධාවන කාලය විනාඩි 30 සිට 44 දක්වා අවම කිරීමට හැකිවූ බවද අමාත්‍යරයා සදහන් කළේය.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය, පොලීසිය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව මෙම ප්‍රමුඛතා මංතීරු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. 



අදහස් (1)

ප්‍රමුඛතා මංතීරූ දෙවන අදියර බොරැල්ලේ සිට පිටකොටුව දක්වා

upali Thursday, 18 June 2020 03:32 AM

ස්කෝලේ කාලේ කොහොමටත් පාරේ තද බදයක් නෑ. ඕනා විදියට බස් ධාවන තීරු සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site