IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ප්‍රභා මැරුනත් ත්‍රස්ත ජාලය ක්‍රියාත්මකයි - මැලේසියා හිටපු පොලිස්පති

එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් මියගිය ද ඔහුගේ ත‍්‍රස්ත ජාලය තවමත් ක‍්‍රියාත්මකව පවතින බවට තමන් සැක පළ කරන බව මැලේයාසියානු හිටපු පොලිස්පති මුසා හසන් ප‍්‍රකාශකර ඇතැයි එරට ජාතික ප‍්‍රවෘත්ති ඒජනසිය වන බර්නමා පුවත් සේවය අද  වාර්තා කළේය.
 
එම පුවත්සේවයට  සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මැලේසියානු හිටපු පොලිස්පතිවරයා කියා සිටියේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප‍්‍රතිපත්තීන්ට සහ අදහස් වලට අනුකම්පාව දක්වන පිරිස් තවමත් සිටින බවය.
 
එලෙස අනුකම්පාව දක්වන පිරිස් හේතුවෙන් මලයාසියාව ඇතුලූ සියලූ රටවල්වලට තර්ජනයක් එල්ල විය හැකි බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.එම තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවයි හිටපු පොලිස්පතිවරයා පෙන්වා දේ.
 
ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා එල්.ටී.ටී.ඊ සංවිධානය ත‍්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර ඇති අතර, මලයාසියාව ඇතුළු රටවල් 32 ක් එම සංවිධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රතික්ෂේප කර ඇති බව ද ඔහු කියා සිටී.
 
2004 සහ 2005 වර්ෂවලදී මලයාසියාවේ සිට එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් රැස් කිරීමට කටයුතු කළ නීතිඥ සහ ගණකාධිකරණ වැනි වෘත්තීය මට්ටමේ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ද හිටපු පොලිස්පතිවරයා සිය සම්මුඛ සාකච්ජාවේදී තවදුරටත් ප‍්‍රකාශ කරන ලදී.
 
දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ලේ වැගිරීම් සිදුකරමින් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කරනු ලැබුවත්, ඔවුන්ගේ ප‍්‍රතිපත්තීන් වලට අනුකම්පා කරන පිරිස් ලෝකයටම තර්ජනයක් බවත් ඔහු අවධාරණය කර සිටියේය.

125



අදහස් (14)

ප්‍රභා මැරුනත් ත්‍රස්ත ජාලය ක්‍රියාත්මකයි - මැලේසියා හිටපු පොලිස්පති

Chaminda Wednesday, 01 August 2018 01:46 PM

ඕක අපේ අයට තේරෙන්නේ නැති එකනේ ගැටළුව...

:       215       635

prabha Wednesday, 01 August 2018 02:05 PM

කෝ මේ රාජිත?

:       318       659

Thilina Wednesday, 01 August 2018 03:12 PM

දැන් ඉතින් මේ මනුස්සයට බනී මහින්දගේ කොන්ත්‍රාත් එකක් කරනවා කියලා... ජාතික ආරක්ෂාව ගැන හිතන රටවල මිනිස්සු එහෙමයි වැඩ කරන්නේ..

:       271       742

Chanak Los angelesWednesday, 01 August 2018 03:52 PM

ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමඟුල්ලු .... බලය උදුරගන්න මාන බලන හිටපු හොරුන්ට හරි සතුටු ඇති නේද? පොලිස්පති එහෙම කීවට ලංකාවේ හමුදාපති සනාථකර තිබුණා කොටිසංවිධානයට නැවත හිස ඔසවන්න බැහැ කියා. ඒ වගේම අපි දන්නා කරුණු මත උතුරේ ජනතාවම ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් විඳපු දුකට නැවත ඔවුන්ගේ දූදරුවන් පත්කරවන්න ..

:       1377       865

Thilina Wednesday, 01 August 2018 05:46 PM

වෙන රටක නමක් ආඩම්බරෙන් ඉස්සරහට දාගෙන තමන් අදහන දේශපාලන පක්ෂයට කඩේ ගියාට අපි ජීවත් වෙන්නේ අපේ මව්බිමේ. සියළුම දේශපාලකයන් හොරුන් වූ රටක තස්ත්‍රවාදයෙන් තොර වූ ඒකීය රටක් වෙනුවෙන් පෙනී ඉන්න ඕනම අයෙක් වෙනුවෙන් රටේ ජනතාව පෙනී ඉන්නවා. ඒකට නිල්ද කොලද රතුද අදාල නොවේ..

:       0       99

බමුණුආරච්චි Wednesday, 01 August 2018 06:21 PM

ඌරා ඔබද...ගඳ නම් ටිකක් එනවා.

:       1       118

lasantha-maharagamaThursday, 02 August 2018 03:50 AM

චානක්ල දන්න දේවල් වලින් බාගයක් වත් මැලේසියාවේ පොලිස්පති දන්නේ නෑ. ඇමරිකාවේ හිටියට උතුරේ ජනතාව හිතන විදිහ හොදටම දන්නේ මෙයානෙ. ට්‍රම්ප් තුමා දැනගත්තොත් අනිවාර්යෙන්ම ඇමරිකාවේ ආරක්ෂක ලේකම් කරනවා.

:       0       215

සේනක Thursday, 02 August 2018 05:07 AM

රටට එන්න බැරුව රට ගැන කතා කරනවා. ඔබතුමාලා ඇයි කලින් රට පාලනය කරපු නායකයන්ට බයෙන් දගලන්නේ. ඒ නායකත්වය ඊලඟට පාලනබලය ගත්ත දවසට ඔබතුමාලා ඔහේ ඉදන් කරපු පවු ගෙවන්න වෙනවාද? තමුන්නාන්සේලාගේ පවුල්වල මිනිස්සු අද ලංකාවේ ජිවත් වෙනවානම්, බයක් සැකයක් නැතුව ජිවත් වෙන්නේ ඒ නායකයෝ නිසා කියලා මතක තියාගත්තොත් හොදයි මහාත්තයෝ. දැන් ඉන්න පාලකයො රට විකුණාගෙන කනවා මිසක් රටට, ජනතාවට කරපු සෙතක් කියන්න ඔච්චර හිතට අමාරුවක් තියෙනවානම්.

:       0       190

Raveendra Wednesday, 01 August 2018 03:33 PM

කාරුණිකව අපගේ මෙම අදහස් ජාතිවාදී, වර්ගවාදී අදහස් ලෙස නොසිතන්න. අප කිසිවිට ජාතිවාදීන් මෙන්ම වර්ගවාදීන් නොවන්නෙමු. " පිටරැටියකුට "වැටහෙන, තේරුම් ගැනීමට පහසු රටේ ආරක්ෂාව පිළිබඳ වැදගත් කරුණු අපගේ දියවන්නා ඔයේ ලැග සිටින කාලකන්නි අම්බරුවන්ට නොතේරීම අභාග්‍යයකි.

:       133       539

Charith Wednesday, 01 August 2018 03:36 PM

20 වන සංශෝධනය විතරයි.. එල්ටීටීඊය ආපහු ගේන්න මදි. ජවිපය ඒකත් කරනවා.

:       1073       1339

Bamunuarachchi Wednesday, 01 August 2018 06:02 PM

කන්න හිතුනම කබරගොයත් තලගොයා කරගන්න එපා. හමුදාපතිට නොදැනී බොහෝ දේ ත්‍රස්තවාදීන් ගෙන් සිදුවෙනවා. ඩයස්පෝරාව කියන දෙයක් තමයි අපි පරාජය බාරගත්තේ නැහැ නැවත යුද්ධ කරනවා කියන එක. උතුරේ මොන ද්‍රවිඩයාද අකමැති තමන්ට වෙනම රටක් ලැබෙනවාට?

:       1       54

Chanak Los angelesThursday, 02 August 2018 06:38 AM

ඩයස් පෝරාවෙන් කෝල් කරලද එහෙම කිව්වේ ? කේපී ඉන්නේ කොහෙද කියලා දැනගන්නත් කැමතියි...

:       115       80

සමන්තFriday, 03 August 2018 01:58 AM

ඔබ බොරුවට වෙන්න ඇති ඇමරිකාවේ ලොස් ඇනජලීස් කියලා දාලා තියෙන්නේ.. එහෙම නම් ඩයස්පොරාව කරන දේවල් නොදැන ඉන්න විදිහක් නෑ... නැත්නම් ඔබ මේ ආණ්ඩුවට තමාත් කඩේ යන කෙනෙක්...

:       0       0

පාලිත Thursday, 02 August 2018 05:13 AM

ඇයි කවුරුවත් කේ.පී ගැන කතාකරන්නෙ නැත්තෙ? ඉන්නෙ කොහෙද, කරන්නෙ මොනවද කිසිදෙයක් අපි දන්නෙ නෑ. ඇයි කේ.පී ට නඩුදාන්නෙ නැත්තෙ?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30552 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12558 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10907 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 793 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 243 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site