අජන්ත කුමාර අගලකඩ
ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට රුපියල් 30,000 සිට 50,000 දක්වා වන මාසික විශේෂ දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා රජයේ පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇත.
එම කැබිනට් සංදේශය පිළිබඳව අධ්‍යයනය කිරීම අද (12) පැවති කැබිනට් රැස්වීමේදී ඇමැති කමිටුවකට පවරා තිබේ.
රජයේ සේවයේ ශ්‍රේණි ගණනාවකටම විශේෂ දීමනා ලබාදී ඇති බැවින් තමන්ටද විශේෂ දීමනා ලබාදී ඇති බැවින් තමන්ටද විශේෂ දීමනාවක් ගෙවන ලෙස ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදාළ යෝජනාව ඇමැති මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.
ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය හා සමාන්තර සේවා 13ක් තිබෙන බැවින් එම යෝජනාවන් සම්බන්ධයෙන් සොයා බැලීමද කැබිනට් මණ්ඩලය කමිටුවකට පවරා ඇත.
ශ්‍රි ලංකා පරිපාලන සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරියකුට රුපියල් 30 000 ද , දෙවැනි ශ්‍රේණියේ නිලධාරියකුට රුපියල් 40,000ක්ද පළමු ශ්‍රේණියේ නිලධාරියකුට රුපියල් 50,000ක් ද විශේෂ දීමනාවක් මාසිකව ගෙවීම සඳහා අනුමැතිය ඉල්ලා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී අදහස් දැක්වු ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමයේ සභහපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙම විශේෂ දීමනාව ලබාදීම තවදුරටත් ප්‍රමාද කිරීමට විරෝධය පළකරමින් පරිපාලන සේවයේ නිලධාරීන් බ්‍රහස්පතින්දා (14) දිනයේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිෙ විරෝධතාවයක යෙදීමට තීරණය කර ඇතැයි කීවේය.
කමිටු ගණනාවක් සමඟ පැවැති සාකච්ඡාවට ගණනාවකින් පසුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව තවදුරටත් කමිටුවලට පවරා කල් දැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද ඔහු කීවේය.
COMMENTS
මෙම යෝජනාව සම්බන්ධයෙන් රජයේ සේවය තුළ අර්බුදකාරී තත්වයක් මතුවීමට ඇති ඉඩකඩ වැඩිවිය හැකිය.
දැන් පඩි වැඩිකරන්න ඉල්ලනකොට සීයට 24 ක් එකතුකරලා ඉල්ලන්න ඕන. නැත්නම් බද්ද 24% කැපුනම ඉල්ලීම් ලැබුනත් හිතට දුකයි.
මේ අයට රු 50000ක දීමනවක් දෙනවනම් අනිකුත් රජයේ සේකයින්ටත් හා ගුරුවරුන්ටත් රු 25000ක දීමනාවක් ලබා දිය යුතුයි. මොවුන් හිතාගෙන වෙනම පැලැන්තියක් කියලා.
ගොඩක් අය නිදි!
මමද රජයේ සේවයේ සිට විශ්‍රාම ගිය පරිපාලන සේවයේ නිලධාරියෙක් වෙමි. මාගේ දරුවෙක්ද දැනට පරිපාලන සේවයේ වසර පහක සේවා කාලයක් අවසන් කරමින් සිටී. පරිපාලන සේවය රටේ පැවැත්මට ඉතා වැදගත් සේවාවක් කරන රජයේ රැකියාවක් යන්න පිළිගත යුතුව ඇත. නමුත් මා දකින ආකාරයට මාගේ දරුවා මෙන්ම මා ලබන විශ්‍රාම වැටුප අද රටේ සිටින පොදු ජනතාවගේ ජීවන තත්වය අනුව හොදටම ප්‍රමාණවත් බව මාගේ මෙන්ම මා ඇසුරු කරන සමකාලීනයන්ගේ අදහසයි. හැන්ද අතේ තිබුණ පලියට වැඩියෙන් බෙදා ගැනීම ඉතාමත් පහත් ප්‍රතිපත්තියක් ලෙස සලකමි. මන්ද දේශපාලකයින් ට ආසන්නව හිද ඔවුන්ගේ ඕනෑ එපාකම් සපුරාලන ගමන් අනෙකුත් සේවාවන් අභිබවා හිද ඔවුන්ට නායකත්වය හා මග පෙන්වීම කරන සේවය හැටියට ආදර්ශමත් විය යුතුය. නැතිනම් අද රටේ සියලුම අතින් විනය පිරිහිලා තිබියදී මූල්‍ය විනයද ඉතා අභාග්‍ය සම්පන්න විදියට තවදුරටත් පිරිහේවි. තවද කලා උපාධියක් ලබාගෙන වෘත්තීය සදුසුකම් වලින් තොරව සිටින අප සේවායේ බහුතරය අන් වෘත්තීය සමඟ සැසදීමෙීදි හා අධ්‍යාපනයට කැරනලද කැපකිරීම අතින්තද ඉතාම මද බව මාගේ පෞද්ගලික අදහසයි. වෛද්‍ය වරයකුට ඉංජිනේරුවෙකු සමකිරීමට කොහෙත්ම බැරි ඉතා සමාණ්‍ය කාටත් ඉටුකිරීමට පුලුවන් වැඩ කොටසක්
මෙම දීමනාවට ඉතාමත්ම ඉක්මනින්ම අනුමැතිය සියලුම අය කැමැත්ත ප්‍රකාශ කරනු ඇත. ඉහල පරිපාලන නිලධාරීන් සතුටින් සිටින තරමට මෙම 225 හොදින් මඩේ ලැග සිටීමට වැඩි අවකාශයක් තිබෙන බැවිනි.
හරි විදියට වේතන ව්‍යුහයක් ඇති කරල රාජ්‍ය සහ අර්ධරාජ්‍ය ආයතනවල මේ විවිධාකාර දීමනා අහෝසිකරන්න.
පරිපාලන සේවයේ කට්ටියයි දේශපාලකයින් විතරක් මේ රටේ හිටියොත් හොදටම ඇති. මේ දෙගොල්ල බාන බැන්දා වගේ එකම ගමනක යනවා. රටට දෙයියන්ගේම පිහිටයි.
පරිපාලන සේවයේ බොහෝ නිලදාරීන් අවංක අය නොවෙති. තවද පරිපාලන සේවයේ බොහෝ නිලදාරීන් දක්ෂ අයද නොවෙති. හොදම විසදුම වන්නේ මෙම සේවය අහෝසි කර පුද්ගලික අංශයේ මෙන් කළමනාකරුවන් බදවාගෙන කටයුතු පවත්වාගෙන යාමයි.
ගෙවමු ගෙවමු ඕක මොක්කක්ද ? ඔයවගේ දේවල්ද ගෙවල තියෙන්නේ
ඔව් ඔය කට්ටියට විතරක් දුන්නහම ඇති. අනිත් රජයේ සේවකයන්ට පඩිය පනස්දාහක්වත් නෑ... මේගොල්ලන්ට දැනටත් ගොඩක් දීමනා පර්මිට් ඔක්කොම පහසුකම් ලැබෙනවා. හරිම අසාධාරණයි.
ලංකාවේ පරිපාලන නිලධාරින් ලංකාවටම විතරයි. ඔවුන් ලොකයේ කිසිම රටක් පිළිගන්නේ නැත. අනික් ඔවුන්ගේ සේවය තුළින් කිසිම අදායමක් ලැබි නැත. ඔව්ඔවුන් කරන්නේ කාගේ හෝ අදහසක් ක්‍රියාවට නැගිම පමණයි. සමහරවිට මෙය බොහෝවිට කපුටා කුඩු සැදූවා මෙන් නිෂ්පල වේ නමුත් ඔවුන් විශාල වරප්‍රසාද බලාපොරොත්තු වේ , කිකිසිම ලජ්ජාවක් නොමැතිව. ජනතාවගේ බදු මුදල් විශාල ප්‍රමාණයක් නිකරුනේ අපතේ යයි.
පරිපාලන සේවයේ බොහෝ නිලධාරීන් අවංක අය නොවෙති. තවද පරිපාලන සේවයේ බොහෝ නිලධාරීන් දක්ෂ අයද නොවෙති. හොදම විසදුම වන්නේ මෙම සේවය අහෝසි කර පුද්ගලික අංශයේ මෙන් කළමනාකරුවන් බදවාගෙන කටයුතු පවත්වාගෙන යාමයි.
රජයේ නිලධාරීන් ජනතාවට සේවය කරන බව කිවත් ,දේශපාලකයෝ ජනතාවට සේවය කරන්න ඡන්දෙ ඉල්ලුවත් අන්තිමට වෙන්නේ ඔවුන්ට වැඩි වැඩියෙන් දීමන ලැබීමත් , තීරුබදු රහිත වාහන වැනි දීමනා ලැබීමත් , ඔවුන් එක එක නීති අලුති පනවමින් අපෙන් වැඩ කරදීමට මිලියන ගනණින් පගාව ගැනීමත් ය , අන්තිමට ඔවුන් ජනතාවට සලකන්නේ වහලුන්ට මෙනි......
රාජ්‍ය පරිපාලන සේවා විභාගය සමත්වූ පමණින්ම ඔහු හොද පරිපාලකයෙක් වෙන්නේ කොහොමද ? මේ පිරිසට වගේම අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ටත් සේවා ඵලය මත පමණක් වැටුප් වැඩිවීම් සහ දීමනා ආදිය දෙන්න. නිකන් පුටු රත්කරල වැඩි වැටුප් ඉල්ලන්න බලන්නේ බොහෝ පිරිසක්. පොද්ගලික අංශයේ නම් එක පරිපාලකයෙකුවත් තියාගන්නේ නැහැ සුදුසුකම් නැත්නම්
ඇයි 50,000 දෙන්නේ. ලක්ෂ 5 දීල වාහන පෙර්මිට් හැම අවුරුද්දෙම දෙන්න. පුද්ගලික අංශයෙන් විතරක් බදු ගහන්න. එතකොටනේ නියමෙට රට දියුණු වෙන්නේ.
අප රට අයාලේ යාමටත් විශේෂයෙන්ම දේශපාලකයින් මෙතරම් විනාශකාරී විමටත් බලපාන ප්‍රධනම සාධකය වන්නේ මේ පරිපාලන සේවයයි. ඒ නිසා ඔවුන්ට මේ දීමනාව දිය යුතුමයි. එතකොට මේ දෙගොල්ලන්ටම පුලුවන් මේ රටේ ඉතිරිවෙලා තියන සම්පත් ටිකත් චීනෙට හෝ වෙනත් රටකට විකුණලා අල්ලසක් දෙකක් අරගෙන යහමින් ජීවත්වන්න. මහානාමලා ලලිත් ලා වගේ ජ්‍යේෂ්ඨ ගණයේ පරිපාලන නිලධාරින්ලා ගෙන් පැවත එන පරම්පරාවනේ. කිසිදු වෘතීය මට්ටමක් නොමැති පරිපාලකයින් යයි කියාගන්නා මේ සනුහරේට අනවශ්‍ය විධියට පඩි වැඩි කිරීමට ගොස් මුලු රාජ්‍ය තන්ත්‍රයම අනාගන්නැතිව, තියන දේත් හලාගන්නැතිව වහාම මේ යොජනාව ලත් තැනම හකුලා ගනිව්! රටෙි තියන වර්ථමාන ආර්ථිකය අනුව මිනිසුන් ජීවිතේ ගැටගහගන්නේ බොහොම අමාරුවෙන්. හිගන්නාගේ පාත්තරේට හෙනහුරෝ පාත් නොකල යුතුයි. රජයේ සෙවකයින්ට ලැබෙන පඩිය ප්‍රමාණවත්.
මෙවැනි දීමනාවක් ගෙවීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත.