මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු හා ඉන් ලබාගත් දුරකතන ඇමතුම් දත්ත සීයයකට අධික ප්‍රමාණයක් මකා දමා සකස් කළ සංයුක්ත තැටියක් කොමිසමට ඉදිරිපත් කළ බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තොරතුරු තාක්ෂණ විධායක සචින් මධුශංක දේවතන්ත්‍රී මහතා අද (04) බැඳුම්කර කොමිසම හමුවේ පිළිගත්තේය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන ගැනුම්කරු වන කසුන් පළිසේන යන මහත්වරුන්ගේ දැනුම් දීම් අනුව දුරකතන ඇමතුම් දත්ත මකා දැමු බවද දේවතන්ත්‍රී මහතා පැවසීය.
COMMENTS
ඒවා මාමණ්ඩියයි, අහවල්ලු දෙන්නයි එක්ක වැඩේ ප්ලෑන් කරන්න සහ කුට්ටිය බෙදාගන්න කතා කරපුවා වෙන්න ඇති...
මෙච්චරත් දේවල් ඔප්පුවේගෙන එනකොට කෝ පාලකයින්ගේ ප්‍රතිචාරය? අපි මහජනතාව යුක්තිය සාධාරණත්වය නීතිය ගෙන නෙත් අයාගෙන බලාසිටිනවා.
ඉංග්‍රීසි භාෂාවෙන් පර්පචුවල් කියන්නේ සදා කාලික, නොමියෙන, අමරණීය, අඛණ්ඩ ක්‍රියාවලියක් නැත්නම් දිගින් දිගටම පල දරන අර්ථයක් ගම්‍ය කරන සුවිශේෂ වචනයක්. නමුත් කුණු කාණුවක් තුලින් නොනවත්වාම පිරිසිඳු වතුර ගලායාමට සැලැස්වීමත් බැඳුම්කර සිද්ධියට සම්බන්ධ හොර නඩයට "පර්පචුවල්". හොර කල්ලිය රජකරන ආණ්ඩුවක "යහපාලනය" කියන වචනය වැටෙන්නෙත් ශ්‍රී ලංකා සන්දර්භය තුළ මොවුන් විසින් ප්‍රති නිර්වචනය කර ඇති "පර්පචුවල්" වචනයේ යතාර්තයටමයි. බාධාවකින් තොරව නඩු වලින් තොරව දිගටම හොරකම් කිරීමේ ප්‍රවණතාවයත් පර්පචුවල් ම තමා.
අලේ බල්ලට දැම්ම කියල බලේ අල්ලන්න ලේසි නැහැ. පෘතුගීසි කාරය මේ රටේ බලේ අල්ලන්න ආවේ එක අතකින් බයිබලය අනෙක් අතින් කඩුව අරන්. සැබෑ කිතු දහම ට කඩුව අයිති නැහැ. ඒ වගේ ම අලුත් "නිදහස්" පෙරමුණත් එන්න හදන්නේ අතකින් පොහොට්ටුව අතකින් යටි අරමුණු කඩුව අරන්. පෘතුගීසි කාරයාට කිසිදාක ලංකාව අත්පත් කර ගන්න ලැබුනේ නැහැ. පරස්පරත්වය ඊට මුලික හේතුවයි.
ලංකාවේ කව්ද හොරකම් නොකළේ, හොරු කියන අයත් හොරකම්, සල්ලාල, වංචා, පැහැර ගැනීම්, නොකලාද? ඔව්න්ට දඩුවම් දුන්නද ? මේ පර්පචුවල් සමාගමට දඩුවම් දඩ, නැවත අය කරගැනීම් වනවාද? එසේ නොකෙරනවානම් ඔය බබාලට ඕනදේ කරගන්න කියා කාලය නාස්තිය මග හැර ගන්න.