(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසියෙන් අනතුරුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් කොටස් මිලදී ගත් ජාතික බැංකුවක, මධ්‍යසාර නිශ්පාදන සමාගමක, විද්‍යුත් මාධ්‍ය සමාගමක සහ අළුතින් ස්ථාපනය කරන ලද මුද්‍රිත මාධ්‍ය ආයතනයක තොරතුරු ලබන මස 02 වැනිදාට පෙර කොමිසමට බාර දෙන ලෙස විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද (28) එම සමාගමට නියම කළේය.
මෙලෙස තොරතුරු දැනුම් දෙන ලෙස නියම කරන ලද්දේ ජාතික සංවර්ධන බැංකුව, ඩබ්ලිව්.ඇම්. මෙන්ඩිස් සහ සමාගම නමැති මධ්‍යසාර නිශ්පාදන සමාගමේ, ‘සියත‘ රූපවාහීනී සහ ගුවන් විදුලි නාලිකා විකාශනය, ‘ඒෂියා වොයිස් නෙට් වර්ක්‘ නමැති විද්‍යුත් මාධ්‍ය සමාගමේ සහ ‘ජනයුගය‘ පුවත්පත් මුද්‍රණය කරන ‘ඉන්ටර්ග්‍රේටඩ් මීඩීයා නෙට් වර්ක්‘ නමැති අලුතින් ස්ථාපනය කරන ලද මුද්‍රිත මාධ්‍ය ආයතනයකට අදාළ තොරතුරුය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතා කොමිසම අමතමින් මෙම තොරතතුරු සෘජුවම කොමිසමේ ලේඛකාධිකාරීවරයාට බාර දීමට අවසර ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ කොමිසම ඒ සඳහා අවසර ලබා දුන්නේය.
COMMENTS
ගසක බැඳී ගොනෙක් තණ කන්නේ ලණුවේ දිග ප්‍රමාණ සීමාවේ පමණකි ඉන් එහාට තණ කන්න නම් යම් කිසිවෙක් ලනුව කපා හැරිය යුතු වේ
මෙන්ඩිස් සමාගම දීර්ඝ කාලයක් තිස්සේ බොහොම හොඳ අරක්කු මාර්කට් කල සමාගමක්. මම හොඳ අරක්කු ප්‍රිය කරන 78 වන වියේ පසු වන පුද්ගලයෙක් හැටියට ඒ ගැන වගකීමෙන් යුතුව කියන්න පුළුවනි. එහෙත් දැන් මෙන්ඩිස් ලේබල් එක ගහපු බෝතල් වල එන්නේ ඉස්සර අපට ලැබුණු ජාතියේ ඒවා නොවන බවත්, එතනෝල් වගේ ජරාවක් බවත්, පොල් අරක්කු ලේබල් වලින් එන්නේ වෙනත් නුසුදුසු දෙයක් බවත් සෙවීමට සුරා බදූ දෙපාර්තමෙන්තුවේ අවධානයට යොමු වේවා!