(අමදෝරු අමරජීව)
බැදුම්කර සිද්ධියට සම්බන්ධ පර්පචුවෙල් සමාගමෙන් හෝ ඊට අදාල වෙනත් සමාගමකින් කිසිදු ද්‍රව්‍යමය හෝ මුල්‍යමය ප්‍රතිලාභයක් ලබානොගත් බවට දිවුරුම් ප්‍රකාශයක් කථානයක කරු ජයසුරිය මහතාට අද (05) පස්වරුවේ භාරදුන් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය 16 දෙනාගේ කණ්ඩායමේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතා පැවසිය.
කිසිදු මූල්‍ය හෝ ද්‍රව්‍යමය ප්‍රතිලාභයක් ලබා නොගත්බව තහවුරු කිරිම අරමුණු කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයයෙකු කරඇති අභියෝගය පිළිගනිමින් මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කලබව පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතා කීය.
උත්තරීතර පාර්ලිමේන්තුවට මහජන ජන්දයෙන් 1994 අගෝස්තු 16දා තේරිපත් වි අඛණ්ඩව වසර 24ක් මේ දක්වා ගතකරණ තමන් මන්ත්‍රි ආචාර ධර්මවලට අනූකුලව නිත්‍යානුකුල කාර්යයන් හා කර්තව්‍ය ඉටු කර ඇති බවද හෙතෙම කීය. මේ අනුව පර්පචුවෙල් සමාගමෙන් හෝ ඊට අනුබද්ධ ආයතනයකින් දැනුවත්ව හෝ නොදැනුවත්ව මුදල් හෝ ද්‍රව්‍යමය කිසිවක් ලබා නොගත්බව තමා ගෞරව බහුමානයෙන් යුතුව ප්‍රතිඥාවට අත්සන්කර දිවුරුම් ප්‍රකාශය ලබාදුන් බව මන්ත්‍රිවරයා කීය.
මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ නැති බවට පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තුමන්ත්‍රි උදය ගම්මන්පිල මහතා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට අභියෝගයක් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු කියන ආකාරයට දයාසිරිට කියන්න බැහැ ඔහු ගත්තේ වංචා කරපු මුදල් නොවේ කියා .. මන්ද පර්පචුවෙල් සමගම දයාසිරිට දී තිබෙන සල්ලි අයත් වන්නේ බැදුම්කර වංචාවෙන් උපයා තිබෙන ප්‍රතිලාභ වලට නිසා ..දයාසිරි මාරුකරගෙන තිබෙන චෙක් පත එම සමාගමට අයත් එකක් නම් ඕන මෝඩයෙකුට තේරුම් ගන්න පුළුවනි දයාසිරි තටම තටමා කියන නිර්දෝෂී කතා මොනතරම් බොරුද කියා ?
රටේ ජනතාවගේ මුදල් හොරකම් කරලා නෑ කියලා දිවුරුම් ප්‍රකාශයක් දෙන්න පුලුවන්ද...?