IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


පර්පචුවල් ලොක්කාගේ පෙත්සමේ නම් සංශෝධනය කරන්න අවසර

(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
 
පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සම්බන්ධයෙන් කිසිඳු පරීක්‍ෂණයක් නොපවත්වා බැඳුම්කර ගනුදෙනු කිරීමට තම සමාගමට දී තිබු බලපත‍්‍රය මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය විසින් අත්හිටුවීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි පවසමින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා පවරා ඇති පෙත්සමේ වගඋත්තරකරුවන්ගේ නම් සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය එම සමාගමට අද (13) අවසර දුන්නේය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම ලබන 19 වැනි දා විභාග කිරීමට තීරණය කළේය.

අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් සහ ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එහි අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය සහ නීතීපතිවරයා නම් කොට ඇත.



අදහස් (8)

පර්පචුවල් ලොක්කාගේ පෙත්සමේ නම් සංශෝධනය කරන්න අවසර

jayampathi Friday, 13 October 2017 12:13 PM

ඇත්ත මොකක් වුණත්, වංචාවක් ලෙස සමාජ ගත වුණත් මෙම බැඳුම්කර ගනුදෙනුව සිදුවී ඇත්තේ ලංකාවේ මුදල් රෙගුලාසී වලට අනුකුලව නීත්‍යානුකුල ආකාරයටයි. ඕනෑම ආයතනයක් උත්සාහ කරන්නේ උපරිම ලාභ ලබා ගැනීමටයි. අන්තිමේදී නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැහැ.

:       259       2

සෙනෙවි Friday, 13 October 2017 01:02 PM

පගාව දී ටෙන්ඩරයට අදාල තොරතුරු ලබා ගැනීම .එමතොරතුරු මගින් අක්‍රම්කතාවයක් සිදු කිරීම .බංකු අධිපති අක්‍රමික ලෙස තම බෑනාට ටෙන්ඩරය ලැබෙන සේ මෙහෙයවීම මුදල් රෙගුලාඅසි වලට අදාල වන්නේ කෙසේද ?ඔහේ ගොරක දඩමස් කරන්න හදන කෙනෙක් වගේ

:       36       125

dahamFriday, 13 October 2017 01:39 PM

ඒ කියන්නේ මෙතන හොරකමක් සිදුවෙලා නැද්ද? ඔහෙට කීයක් ලැබුනද පෙර්පෙටුඅල් එකෙන්?

:       11       121

bamunu Sunday, 15 October 2017 01:07 AM

කෝටි ගණන් පගාව දී බැංකු රහස් එලියට ගෙන ඒ අනුව පර්පචුවල් ආයතනය තමන්ගේ ලන්සු තැබීම නීතියානුකුල නම්, රාජ්‍ය බැංකුවල අඩුවෙන් ලන්සු තබන්න රජය උපදෙස් දී පර්පචුවල් ආයතනයේ ලාභ වැඩිකිරීමට රජයම ක්‍රීයා කිරීම නීතියානු කුලනම් ඔබේ කතාව හරි ජයම්පතී. . අපේ මිනිසුන්ට හොඳ නරක, හරි වැරදි මොනවාද කියා තෝරා බේරා ගන්න ඔබ වගේ අයගේ බැරිකම නිසානේ තක්කඩි දේසපාලුවන්ට මාංචු වැටුන වෙලාවටත් සිංහල මිනිස්සු ජයවේවා කියන්නේ. හොර දේසපාලුවන්ගේ ඇමතිකම් නැතිවුනාම ඒ හොරුවෙනුවෙන් කතාකල හාමුදුරුවන්ලත් අපි දැක්කා. ඉතින් මෙහෙව් රටකට හරියාවිද? මම මෙරටේ ඉපදුනාට දුක්වෙනවා.

:       0       0

siril Friday, 13 October 2017 07:29 PM

ජයම්පති, ඔයාගේ ඔලුව කොහේ හරි වැදුනද? නැතිනම් කවුරුන් හෝ සල්ලි ගෝනියකින් ගැහුවාවත්ද?

:       0       0

bamunuSunday, 15 October 2017 01:08 AM

වදින්න ඔලුවක් තියෙන්න එපාය.

:       0       0

Jayampathi Saturday, 14 October 2017 07:18 AM

මම බැඳුම්කරයට පක්ෂව කතා කරනවා නෙමෙයි., මම කියන්නේ අන්තිමට වෙන දෙය. ඕක තමයි මාස ගානක් ඇදගෙන ගිහිල්ලා ලැබෙන උත්තරය.... ඇයි ඔය කවුරුවත් අපේ රටේ සිදුවෙන දේවල් දැකලා නැත්ද ?

:       0       49

bamunu Sunday, 15 October 2017 01:15 AM

"මම බැඳුම්කරයට පක්ෂව කතා කරනවා නෙමෙයි.,"ජයම්පති ඔව් ඔබ බැඳුම්කරයට පක්ෂව කතා කොරන්නේ නැත නමුත් බැඳුම්කර ඉදිරිපත් කල ආයතනයට පක්ෂව කතා කරනවා නේද? ඒ නිසානේ ඔබ මෙහෙම කීවේ " මෙම බැඳුම්කර ගනුදෙනුව සිදුවී ඇත්තේ ලංකාවේ මුදල් රෙගුලාසී වලට අනුකුලව නීත්‍යානුකුල ආකාරයටයි. ඕනෑම ආයතනයක් උත්සාහ කරන්නේ උපරිම ලාභ ලබා ගැනීමටයි. "

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1616 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1391 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 494 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site