IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ණය ගෙවීම පැහැර හැරලා

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

බැදුම්කර මිලදී ගැනීමට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ශ‍්‍රී ලංකා මහා බැංකුවෙන් හා සේවක අර්ථ සාධක අරමුදලෙන් එක්දින ණය පහසුකම යටතේ ලබාගත් රුපියල් බිලියන 11.06 ක ණය මුදල නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැර හැර ඇතැයි ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා හෙළි කළේය.

මීට පෙර අවස්ථාවකදී ද රුපියල් මිලියන 360 ක මුදලක් ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් වාර්තා වන්නේ යැයි පැවසු අල්විස් මහතා මෙම මුදල හා සැසදීමේදී නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැර හැර ඇති රුපියල් බිලියන 11.06 ක මුදල ඉතාම ඉහළ  අගයක් ගන්නා බවද බැදුම්කර කොමිසම හමුවේ හෙළි කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.



අදහස් (10)

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ණය ගෙවීම පැහැර හැරලා

sashika Tuesday, 04 April 2017 12:10 PM

අනේ පව් අහිංසකයෝ...සල්ලි නැතුවම ඇති.ඒකයි ඔය.කීයක් හරි (බිලියන 10ක්) පිනට දෙන්න.

:       0       275

Sena Tuesday, 04 April 2017 01:21 PM

මෙම බැඳුම්කර මගඩිය සහ සයිටම් මගඩිය නිසා මෙම රජය ඉක්මනින්ම ගෙදර යාමට නියමිතයි.

:       748       1081

Lanka Perera Tuesday, 04 April 2017 06:59 PM

හොරු අල්ලන කොට ආණ්ඩුව ගෙදර යවන්න ලු....හොරු අල්ලන්නේ නැතිව හිටියා නම් ආණ්ඩුව තියාගන්න කියලාද කියන්නේ.?

:       295       73

siri Tuesday, 04 April 2017 09:07 PM

පාර්ලිමේන්තුවේ ඉන්න වාචාල ඇමැත්තෝ දැන් ගොළුව කසාය බිවුව වගේ.

:       0       26

mahee Wednesday, 05 April 2017 01:32 AM

සශික සමග මාත් ඉන්නවා. මේ අහිංසකයෝ ඕකෙන් ඕනනම් කෝටි හාර පන්සීයක් කට්ටියගේ සාක්කුවලට දාන්න ඇති. ඉතින් එහෙම දුන්නත් පිනක් නේ. අපිත් ඔය පිං කැටවලට කාසි දාන්නේ එහෙනම්.

:       0       21

ravin Wednesday, 05 April 2017 01:59 AM

මේක හරියට " ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කැපුවා වගේ ". අන්තිමට දෙපැත්තෙන්ම පාඩුවෙලා තියෙන්නේ පොදු ජනයාට.

:       0       9

chris Wednesday, 05 April 2017 03:57 AM

මටත් බැරිද මහා බැංකුවෙනුයි සේවක අර්ථසාදක අරමුදලෙනුයි සල්ලි ටිකක් ණයට ගන්න ? අබ සරණයි ශ්‍රීලංකා !!!!!!

:       0       5

lalithsjm Wednesday, 05 April 2017 04:10 AM

තමන්ගේ ඇහේ තියන පරලේ නොපෙනෙන ආණ්ඩුවක්ද මේ ?

:       0       15

sunil Wednesday, 05 April 2017 05:10 AM

අනේ, මේවාද අපි ජනවාරි 8 දා බලාපොරොත්තු උනේ. හරියට කැහි ගෑනි දීලා හොටු ගෑනි අරගත්තා වගේ නේද කියල හිතෙනවා දැන්.

:       0       1

himal Wednesday, 05 April 2017 05:25 AM

ප්‍රාථමික අලෙවිකරුවන්ට රෙපෝ පහසුකම යටතේ මහ බැංකුවෙන් ණය පහසුකම් ගන්න පුළුවන්. ඒත් මෙතන ගැටළුව ඒ ණය ආපසු ගෙවලා නෑ කියන එක දැන්ද මතක් වුනේ කියන එක. බැංකුවක ණය ගෙවන්න ප්‍රමාද වුනොත් වෙන්නේ මොකද කියලා දන්නවනේ. මේ කොමිසමේ කටයුතු මාධ්‍ය වල පළ කරන නිසා සමාගම කෙසේ වෙතත් මහ බැංකුවේ නිලධාරීන්ගේ වැඩ නම් එළියට එනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site