(මනෝප්‍රිය ගුණසේකර)
අත්අඩංගුවට ගත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ අධ්‍යක්‍ෂ මුත්තුරාජා සුරේන්ද්‍රන් නමැත්තා ලබන 18 වැනිදා වැනිදා රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී මහා පරීමාණ වංචාවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව රහස් පොලිසිය විසින් ඔහු ඊයේ (07) අත්අඩංගුවට ගනු ලැබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 මාර්තු 29 සහ 31 වැනි දිනවල පැවැත්වු බැඳුම්කර වෙන්දේසි දෙකකදි රුපියල් බිලියන 52ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව නීතීපතිවරයා විසින් කරන ලද ඉල්ලීම් පිළිගනිමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම මෙන්ම එහි අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, ඇතුලු 11 දෙනෙකු වහාම අත් අඩංගුවට ගන්නා ලෙස කළ නියෝගයකට අනුව රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරයකු වන මුත්තුරාජා සුරේන්ද්‍රන් නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අත්අඩංගුවට ගන්නා ලද මුත්තුරාජා සුරේන්ද්‍රන් නමැත්තා අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී අදාළ භාණ්ඩාගාර බැදුම්කර නිකුවේදී මහා පරීමාණ වංචාවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය.
2015 මාර්තු 29 සහ 31 වැනි දිනවල පැවැත්වු බැඳුම්කර වෙන්දේසි දෙකකදි රුපියල් බිලියන 52ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව රහස් පොලිසිය සිදුකළ විමර්ශන වල උධෘත නීතීපතිවරයා විසින් සළකා බැලීමෙන් අනතුරව එවකට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම මෙන්ම එහි අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, ඇතුලු 11 දෙනාට අදාළව අධිකරණයට කරුණු වාර්තා කොට වරෙන්තු ලබාගෙන ඔවුන් වහාම අත් අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
682
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂක 18 තෙක් රිමාන්ඩ්