IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පේරාදෙණි සරසවියේ ලක්ෂ 320කට විදලා

(චමිල් රුපසිංහ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගිණුමක තිබු තිබූ රුපියල් ලක්ෂ 320 ක මුදලක් ලබාගෙන සැඟවී සිටින බව කියන නියෝජ්‍යය මුල්‍ය  අධිකාරිවරයකුට එරෙහිව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය මගින් රාජ්‍යය බැංකුවක පවත්වා ගෙන ගිය ගිණුමක් පියවා මෙම මුදල රැගෙන ඇති බවත් අදාළ මුදල වැඩි පොළී අනුපාතයක් යටතේ වෙනත් බැංකුවක තැන්පත් කරන බව පවසමින් මෙම නියෝජ්‍යය මූල්‍ය  අධිකාරීවරයා පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ අත්සනද ලබා ගනිමින් මෙම මුදල් මෙයට දින කිහිපයකට පෙර ලබාගනෙ තිබේ.

මුදල් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍යය නියෝජ්‍යය ලේඛකාධිකාරීවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගෙන ඇති බවද දැනගන්නට තිබේ.

මුදල් නිදහස් කර ගැනීමෙන් පසු අදාළ නිලධාරීයා විශ්ව විද්‍යාලයට නොපැමිණ සැගවී  සිටින බවත් මේ සම්බන්ධයෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කළ බවත්  සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර සිද්ධියට සම්බන්ධ නියෝජ්‍යය මූල්‍ය අධිකාරීවරයාගේ සේවය අත්හිටවූ බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා පැවැසිය.



අදහස් (2)

පේරාදෙණි සරසවියේ ලක්ෂ 320කට විදලා

sachith Thursday, 22 June 2017 06:08 AM

ලොකු ගාණක්නේ. බය වෙන්න දෙයක් නෑ. විපක්ෂේ ඉන්න දේශපාලකයන් සෙට් කරගෙන ඡන්දෙට උදව් කරන්න තියෙන්නේ. ඊගාවට ආණ්ඩුවක් අාවම මේ ආණ්ඩුවෙන් දේශපාලන පළිගැනීමකට ලක්වුණා කියල හිඟ පඩිත් එක්ක රස්සාව ලැබෙයි.

:       0       0

ප්‍රීති Thursday, 22 June 2017 07:52 AM

මේ වංචාවට සම්බන්ධ පුද්ගලයා ලංකාවේ විශ්ව විද්‍යාලයක ගිය කෙනෙක් වෙන්න බැහැ. ඒ ගොල්ලෝ උග්‍ර සමාජ වාදියෝ නිසා කවදාවත් හොරකම් කරන්නේ නැහැ, අහුවෙන්න නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site